Home » ඇලෝසියස් දේශපාලකයන්ට මිලියන 1098ක චෙක් දීලා

ඇලෝසියස් දේශපාලකයන්ට මිලියන 1098ක චෙක් දීලා

ඇමැති වසන්ත සමරසිංහ කියයි

by Gayan Abeykoon
March 21, 2025 8:12 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

අර්ජුන් ඇලෝ­සි­යස් සහ ඔහුගේ පියා පෞද්ග­ලික බැංකු­වක් හරහා දේශ­පා­ල­න­ඥ­යන්ට සහ ඔවුන්ගේ හිත­ව­තුන්ට රුපි­යල් මිලි­යන 1098ක් වටිනා චෙක්පත් 168ක් අත්සන් කර ලබා දී ඇතැයි  වෙ‍ෙළඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ ඊයේ (20) පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය.

ඇතැ­මුන්ට ඍජු­වම මුදල් ලැබී ඇති අතර තවත් සම­හ­රුන්ට මෙන්ඩිස් ඩිස්ට­ල­රීස් වෙතින් එහි වයින් ස්ටෝර්ස්  හරහා චෙක්පත් ලැබී ඇති බවද ඇම­ති­ව­රයා පැව­සීය.

එමෙන්ම ඉති­හා­සයේ හෙළි­ද­රව් නොවූ පරී­ක්ෂණ  බොහෝ ඇති බවත්, වසර 10ක පම­ණක් නොව 15ක පරී­ක්ෂණ පවා ඉදි­රි­යේදී සිදු කරන බවද අමාත්‍ය  වසන්ත සම­ර­සිංහ මහතා පැව­සීය.

ඇතැ­මුන් ඉති­හා­සය අම­තක කරන්න හැදු­වත් ඉති­හා­සය අම­තක  කර නොහැකි බව පැවසූ අමා­ත්‍ය­ව­රයා මේ රටේ ජන­තා­වට සිදු කළ හානිය වෙනු­වෙන් අදාළ පුද්ග­ල­යන්ට දඬු­වම් ලැබිය යුතු බවද පැව­සීය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු විම­ර්ශ­න­ව­ලට අනුව, මුදල් ලබා­ගත් අයගේ නම් ලබාදී ඇති බවද හෙතෙම පැව­සීය.

බැඳු­ම්කර සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ සිදු­ක­රන අත­ර­තුර මෙන්ඩිස්  අරක්කු සමා­ගම සමගි ජන බල­වේ­ගයේ  පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ, හර්ෂණ රාජ­ක­රුණා, සහ දයා­සිරි ජය­සේ­කර මහතා ඇතුළු පිරි­ස­කට මුදල් ලබාදී ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු වාර්තා­ව­ලින් හෙළිවී ඇතැයි මුදල් හා ක්‍රම­ස­ම්පා­දන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම මහතා මෙහිදී පැව­සීය. වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා මෙසේද පැව­සීය.

“2015 හෙළි­ද­රව් වෙච්ච වංචා පවා තිබෙ­නවා. දැන් අපිට තමයි ඒ පරී­ක්ෂණ සිදු කරන්න වෙලා තිබෙන්නේ. දැන් අපි ඉන්නේ 2025.

දේශ­පා­ල­න­ඥ­යන්ගේ හිත­ව­තුන්ට සල්ලි බෙදපු ගිණු­මත් සභා­ගත කරන්න කිය­නවා.  අර්ජුන ඇලෝ­සි­යස්ට අයත් සෙලාන් බැංකුවේ ගිණු­ම­කින් තමයි මෙම මුදල් ගෙවා තිබෙන්නෙ. මෙය සුප්‍ර­සිද්ධ රහ­සක්.

මෙම සල්ලි දීලා තිබෙන්නේ අරුම පුදුම විදි­ය­කට. සල්ලි දීලා තිබෙන්නේ වයින් ස්ටෝර්ස් එක­කට. අපි ඒ ගැන ඉදි­රි­යේදී හෙළි­ද­රව් කර­න්නම්. සම­හරු ඉති­හා­සය අම­තක කරන්න හද­නවා. නමුත්  ඉති­හා­සය අම­තක කරන්න බැහැ. මේ රටේ ජන­තා­වට සිදු කළ හානිය අම­තක කරන්න බැහැ. අදාළ චුදි­ත­යන්ට දඬු­වම් ලැබිය යුතු බවද අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT