පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 6 වැනි අඟහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දින නියම කරයි. මහ නගර සභා 27ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 274ක් ඇතුළත් පළාත් පාලන ආයතන 337ක් සඳහා සභිකයන් තෝරාගැනීමට මෙම මැතිවරණය පැවැත්වේ.
ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඊයේ (20) මධ්‍යහ්න 12.00ට අවසන් වූ අතර, පසුව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරිණි. පළාත් පාලන මැතිවරණය සඳහා 2023දී නාමයෝජනා කැඳවනු ලැබූවද පැවැති රජයෙන් අරමුදල් ලබා නොදීම මත මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදු විය.
මේ මැතිවරණයට රුපියල් බිලියන 8ක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත. 2025දී මැතිවරණය පැවැත් වීමට අදාළව අවශ්‍ය අරමුදල් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේය. මේ අතරින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම 2024 ඔක්තෝබර් මස 26 වැනිදා පැවැත්වුණි.
එහිදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේය.