Home » රජය IMF රූක­ඩ­යක් වෙලා

රජය IMF රූක­ඩ­යක් වෙලා

සජිත් පාර්ලි­මේ­න්තු­වේදී කියයි

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

මැති­ව­රණ පොරොන්දු අමු අමුවේ උල්ලං­ඝ­නය කර­මින් වත්මන් රජය ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ රූක­ඩ­යක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථි­කය හසුරු වන ආකා­රය සම්බ­න්ධ­යෙන් වත්මන් රජය පසු­ගිය මැති­ව­රණ සම­යේදී පොරොන්දු රැසක් ලබා­දුන් බවත්  ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යෙන් පවා පෙරොන්දු වූ කරුණු  අමු­අ­මුවේ උල්ලං­ඝ­නය කර ඇති බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

ආර්ථික වර්ධ­නය 5%ක ඉල­ක්කය කරා යා යුතු බවත් 2028 වන­විට ණය ගෙවීමේ තැනට රට පත්ව­න­විට මේ ආර්ථික වර්ධන වේගය සම්පූර්ණ කළ යුතු බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

විපක්ෂ නාය­ක­ව­රයා මේ බව සඳ­හන් කළේ, 2025 වසර සඳහා වන අය-වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යේදී සිය අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳ­හන් කළේ රාජ්‍ය ආදා­යම් හා පොලී අනු­පාත ඉලක්ක සම්පූර්ණ කර­ග­ත­යුතු බවත් ආර්ථික වර්ධන වේගය හරහා රටේ දළ දේශීය නිෂ්පා­ද­නය ප්‍රව­ර්ධ­නය කරන රජයේ වැඩ­පි­ළි­වෙළ  ප්‍රමා­ණ­වත් නොවන බවත්ය.

IMF එක කියන ඕනෑම දේකට එහෙයි කියා එකඟ වන ජන­ව­රම අමු අමුවේ උල්ලං­ඝ­නය කරන රජ­යක් ජන­තාව අපේක්ෂා නොක­රන අතර අප­න­යන ප්‍රව­ර්ධ­නය අත්‍ය­වශ්‍ය කරු­ණක් බවද හෙතෙම පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT