Home » වසර 7කට පසු එන පුංචි ඡන්දය

වසර 7කට පසු එන පුංචි ඡන්දය

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

සම­න්මලී ප්රිය­ශාන්ති

මෙරට 17 වැනි පළාත් පාලන මැති­ව­ර­ණය තව දින 45කින් පැවැ­ත්වෙන අතර මෙම මැති­ව­ර­ණය වසර 7කට පසු පැවැ­ත්වීම විශේ­ෂ­ත්ව­යකි.

මෙම ඡන්ද විම­සී­මේදී වසර 4ක ධුර කාල­යක් සඳහා සභි­ක­යන් තෝරා පත් කර­ගනු ලැබේ. අව­සන් වරට පළාත් පාලන මැති­ව­ර­ණ­යක් මෙරට පැවැ­ත්වූයේ 2018 වස­රේ­දීය.

මෙය පැවැ­ත්විය යුතුව තිබුණේ 2022 වසරේ වන අතර ආර්ථික අර්බුද හේතු­වෙන් එව­කට පැවැති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ආණ්ඩුව විසින් මැති­ව­ර­ණය කල් තබන ලදී. ආණ්ඩුව ඡන්දය කල් තබා ඇති බව නොත­ක­මින් මැති­ව­රණ කොමි­සම 2023 වසරේ මාර්තු 9 දා ඡන්දය පැව­ත්වන බවට ප්‍රකා­ශ­යට පත් කළේය.

නමුත් 2023 පෙබ­ර­වාරී 13 දා රජයේ මුද්‍ර­ණා­ල­යා­ධි­ප­තිනි විසින් මැති­ව­රණ කොමි­ෂන් සභා­වට ලිපි­යක් යොමු කර­මින් පළාත් පාලන මැති­ව­ර­ණ­යට අදා­ළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍ර­ණය කිරී­මට පිරි­වැය ගෙවන තුරු එහි කට­යුතු ආරම්භ කිරී­මට නොහැකි බව දන්වා තිබිණි.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස තැපැල් ඡන්ද විම­සීම දින නිය­ම­යක් නොමැ­තිව කල් දැමී­මට සිදු වූ අතර පෙබ­ර­වාරී මාසයේ අග වන විට මැති­ව­ර­ණය සඳහා මහා භාණ්ඩා­ගා­ර­යෙන් මුදල් ප්‍රස­ම්පා­දන ලබා දී නොති­බිණි.

ආර්ථික අර්බු­දයේ ප්‍රති­ඵ­ල­යක් මත මුදල් නැති නිසා පළාත් පාලන මැති­ව­ර­ණය නොපැ­වැ­ත්විය යුතු බවට එව­කට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කළ අතර, ඒ අනුව මැති­ව­රණ කොමි­ෂන් සභාව මඟින් පළාත් පාලන ඡන්ද විම­සීම නිල වශ­යෙන් කල් දැමී­මට පිය­වර ගත්තේය. එම වස­රේම අප්‍රි­යෙල් මස නැවත මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට තීර­ණය කළද පසුව නැව­තත් කල්දැ­මී­මට කොමි­ෂම කට­යුතු කළේය.

මැති­ව­ර­ණය දිගින් දිග­ටම කල්දැ­මීම සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­ෂන් සභා­වට හා එව­කට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට විරු­ද්ධව නඩු­වක් ද ගොනු වූ අතර එහිදී ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීර­ණය කළේ කොමි­සමේ සාමා­ජි­ක­යන් හා මුදල් ඇමැ­ති­ව­රයා ලෙස එව­කට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් මූලික මිනිස් අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කර ඇති බව­ටයි.

පසුව නව රජය විසින් 2024 දෙසැ­ම්බර් මාස 3 දා මේ මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට අදා­ළව 2023 දී කැඳවා තිබූ නාම යෝජ­නාව ආපසු කැඳ­වීම සහ ලැබී ඇති නාම­යෝ­ජනා අව­ලංගු කිරීම සඳහා විශේෂ පනත් කෙටු­ම්ප­තක් සකස් කිරී­මට නීති කෙටු­ම්පත් සම්පා­ද­කට උප­දෙස් ලබා­දී­මට කැබි­නට් යෝජ­නා­වක් ඉදි­රි­පත් කර අනු­මැ­තිය ලබා ගෙන තිබිණි. එය 2025 ජන­වාරී 1 දා ගැසට් නිවේ­ද­න­යක් මඟින් ප්‍රකා­ශ­යට පත් කර ජන­වාරී 9 දා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කෙරිණි.

මෙම පනත් කෙටු­ම්ප­තද අභි­යෝ­ග­යට ලක් කර­මින් ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග­සය විසින් පෙත්ස­මක් ගොනු කරනු ලැබූ අතර එහි විභාග කට­යු­තු­ව­ලින් පසු එහි තීන්දුව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරනු ලැබීය. ඒ අනුව එහි ඇතැම් වගන්ති ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට පට­හැණි බවත් එය බලා­ත්මක කිරී­මට විශේෂ බහු­ත­ර­යක් අවශ්‍ය බවත් එහි තින්දුව විය.

ඒ අනුව පෙබ­ර­වාරී 17 දා එය විවා­ද­යට ගෙන සංශෝ­ධන රහි­තව විශේෂ බහු­ත­ර­ය­කින් සම්මත කර ගැනී­මට ආණ්ඩුව කට­යුතු කළේය. එදි­නම එම පනත බලා­ත්මක කෙරිණි. ඒ අනුව පළාත් පාලන ආය­තන 337ක ධුර කාලය 2025 ජුනි 2 දා සිට ආරම්භ කළ යුතු බව රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැ­ති­ව­රයා අති විශේෂ ගැසට් පත්‍ර­යක් මඟින් නිවේ­ද­නය කළේය.

ඒ අනුව මාර්තු 3 දා මැති­ව­රණ කොමි­ෂම මඟින් පළාත් පාලන ආය­තන ඡන්ද විම­සී­මට අදා­ළව නාම­යෝ­ජනා භාර ගැනීමේ කාලය නිවේ­ද­නය කරනු ලැබීය. ඒ අනුව පළාත් පාලන ආය­තන 337ක් සඳහා නාම­යෝ­ජනා පිළි ගනු ලැබුණු අතර නාම­යෝ­ජනා භාර ගැනීම ඊයේ (20) අව­සන් කෙරිණි.

පසුව මැති­ව­ර­ණය මැයි 6 දා පව­ත්වන බවට මැති­ව­රණ කොමි­සම නිවේ­ද­නය කළ අතර මේ මැති­ව­ර­ණය ජන­තාව ලද ජය­ග්‍ර­හ­ණ­යක් බව දේශ­පා­ලන විචා­ර­ක­යන්ගේ මතය වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT