නාගරික සංවර්ධන අධිකාරිය නමින් ලියාපදිංචි වාහන 20ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
භෞතිකව නාගරික සංවර්ධන අධිකාරිය සතුව නොපැවති වාහන 31ක් තවමත් අධිකාරිය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බව විගණනය විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලද තොරතුරු අනුව තහවුරු වී ඇත. එයින් වාහන 7ක් විවිධ පාර්ශ්වයන්ට විකුණා ඇති අතර එක් වාහනයක් කතරගම ප්‍රාදේශීය සභාවට භාර දී ඇත. අස්ථානගතව ඇති වාහන සංඛ්‍යාව 3කි. තොරතුරක් සොයාගත නොහැකි වාහන සංඛ්‍යාව 20කි. අධිකාරිය නමින් ලියාපදිංචිව ඇති සම්පූර්ණ වාහන සංඛ්‍යාව 47කි.
වාහන 03ක් අස්ථානගතව ඇති බවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වාහන 20ක් පවතින බවත් කළමනාකාරිත්වය සනාථ කර ඇත. තවත් වාහන 2ක් අධිකාරියේ ලිපිනය යටතේ දැක්වුණද පෞද්ගලික නාමයන් යටතේ ලියාපදිංචි වී තිබුණ බව කළමනාකාරිත්වය ප්‍රකාශකර තිබේ.