Wednesday, March 26, 2025
Home » ලෝක වනා­න්තර දිනය අදයි

ලෝක වනා­න්තර දිනය අදයි

by Gayan Abeykoon
March 21, 2025 7:14 am 0 comment

“වනා­න්තර සහ ආහාර” තේමාව මුල් කර­ගෙන  මෙවර ජාත්‍ය­න්තර වනා­න්තර දිනය සම­රනු ලබයි.

ආහාර සුර­ක්ෂි­ත­තාව, පෝෂ­ණය සහ ජීව­නෝ­පා­යන් සඳහා වනා­න්ත­ර­වල තීර­ණා­ත්මක කාර්ය­භා­රය සම­රනු ලබයි.

ආහාර, ඉන්ධන, ආදා­යම සහ රැකියා සැප­යී­මට අම­ත­රව, වනා­න්තර පසෙහි සාර­වත් බව සඳහා සහාය වේ. ජල සම්පත් ආරක්ෂා කරයි. වැද­ගත් පරාග වාහ­ක­යන් ඇතුළු ජෛව විවි­ධ­ත්වය සඳහා වාස­ස්ථාන ලබා දෙයි.

ජීවීන්ගේ පැවැත්ම සඳහා  අත්‍ය­වශ්‍ය වන අතර කාබන් ගබඩා කිරී­මෙන් දේශ­ගු­ණික විප­ර්යාස අවම කිරී­මට වනා­න්තර දායක සුවි­ශාල දාය­ක­ත්ව­යක් දක්වනු ලබයි.

ලොව පිහිටි සියලු වනා­න්තර සහ වනා­න්ත­ර­ව­ලින් පරි­බා­හි­රව පිහිටි වෘක්ෂ සම්ප­ත්වල වැද­ග­ත්කම පිළි­බ­ඳව ජන සමා­ජය තුළ පව­තින දැනු­ව­ත්භා­වය ඉහළ නැංවීමේ අර­මු­ණින් ජාත්‍ය­න්තර වනා­න්තර දිනය ප්‍රකා­ශ­යට පත්ක­රනු ලබන්නේ එක්සත් ජාතීන් සංවි­ධා­නය විසිනි. ඒ 2012 වසරේ මාර්තු 21 වැනි­දාය. මෙම දිනය ප්‍රකා­ශ­යට පත්කි­රී­මට වෙහෙස වී කට­යුතු කළ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය වාර්ෂි­කව මෙම දිනය ලොව පුරා සැම­රී­මට මුල්වී ක්‍රියා කරයි.

මෙවර ජාත්‍ය­න්තර වනා­න්තර දිනය වෙනු­වෙන් වන සංර­ක්ෂණ දෙපා­ර්ත­ත­මේ­න්තුව විසින් හෙක්ට­යාර් 10ක භූමි­යක ආහා­ර­මය ශාඛ රෝප­ණය කිරීමේ වැඩ­ස­ට­හ­නක් දියත් කරන බව වන සංර­ක්ෂණ අධ්‍යක්ෂ ජන­රාල් නිශාන්ත එදි­රි­සිංහ මහතා පැව­සීය.

මෙහි සමා­ර­ම්භක උත්ස­වය වට­රැක වරාව ප්‍රදේ­ශ­යේදී අද දින පැවැ­ත්වෙන බවත් අක්ක­ර­යක භූමි­යක ආහා­ර­මය ශාක පැළ 600ක්  රෝප­ණය කරන බවත් නිශාන්ත එදි­රි­සිංහ මහතා සඳ­හන් කළේය.

පරි­සර අමා­ත්‍යාං­ශයේ ලේකම් රෝහිත උඩු­වා­වල මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වෙන මෙම අව­ස්ථා­වට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නයේ මෙරට නියෝ­ජි­ත­යන් ඇතුළු විශාල පිරි­සක් සහ­භාගි වීමට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT