2025 වසර සඳහා වන අය-වැය පිළිබඳ තෙවැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී වන ඡන්ද විමසීම අද (21) පස්වරු 6.00ට සිදු කිරීමට නියමිතය.
2025 වර්ෂය සඳහා අය-වැයට අදාළව විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 වන දින පළමු කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර,
2025 වර්ෂය සඳහා වන අය-වැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වැනි දින පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව, පෙබරවාරි 18 වැනි දින සිට පෙබරවාරි 25 වැනි දින දක්වා දින 7ක් දෙවැනි කියවීමේ විවාදය පැවැත්විණි. ඉන්පසුව, පනත් කෙටුම්පතේ දෙවැනි කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 වැනි දින සවස 6.00ට පැවැත්විණි.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වැනි දින සිට මාර්තු 21 වැනි දින දක්වා සෙනසුරාදා දින 4ක් ඇතුළුව දින 19ක් පැවැති අතර, ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කෙරේ.