ක්ෂය රෝගය හඳුනා ගැනීමේ දත්ත අනුව 2024 වසරේදී මෙරටින් වාර්තා වූ සමස්ත ක්ෂය රෝගීන් ගණන 9,180කි. ළමා ක්ෂය රෝගීන් (අවුරුදු 14 දක්වා) 228ක් අනාවරණය වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාව තුළ වසරකට ක්ෂය රෝගීන් 14,000ක් පමණ හඳුනාගත යුතු නමුත්, වසරකදී හඳුනාගනු ලබන්නේ රෝගීන් 9,000 – 10,000 අතර ප්රමාණයකි.
ඒ අනුව දළ වශයෙන් 4,000 – 5,000ක් අතර හඳුනා නොගත් රෝගීන් සංඛ්‍යාවක් ප්‍රජාව තුළ සිටින බව නිරීක්ෂණය වී ඇත.
ගෝලීය වශයෙන් ගත් කල ලෝක ජනගහනයෙන් ¼කට වාර්ෂිකව ක්ෂය රෝගකාරක බැක්ටීරියාව ආසාදනය වන අතර, එයින් මිලියන 10ක් පමණ සක්‍රිය ක්ෂය රෝගයට ගොදුරු වේ. බැක්ටීරියාවක් මඟින් ව්‍යාප්ත වී වැඩිම මරණ ප්‍රමාණයක් සිදු වන රෝගය ද ක්ෂය රෝගයයි.