Home » පක්ෂ 10ක ස්වාධීන කණ්ඩා­යම් 7ක නාම­යෝ­ජනා ප්‍රති­ක්ෂේ­පයි

පක්ෂ 10ක ස්වාධීන කණ්ඩා­යම් 7ක නාම­යෝ­ජනා ප්‍රති­ක්ෂේ­පයි

පොහොට්ටුවේ 6ක්-ශ්‍රීලනිප 1ක්-ජාජබ 1ක් කම්කරු කොංග්‍රසය 1ක්-එජාප 1ක්

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

නෙරං­ජලා වික්ර­ම­සිංහ

2025 පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් ස්වාධීන කණ්ඩා­යම් සහ පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ 176ක් පළාත් පාලන ආය­තන 13ක් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබිණ.

මැති­ව­ර­ණය සඳහා  නාම­යෝ­ජනා භාර­ ගැ­නීම සඳුදා (17) දින ආරම්භ කළ අතර ඊයේ  (19) දහ­වල් 12.00න් පසුව නාම­යෝ­ජනා භාර­ ගැ­නීමේ කට­යුතු අව­සන් විය.  ඒ අනුව පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ හා ස්වාධීන කණ්ඩා­යම් 165ක් නාම­යෝ­ජනා ඉදි­රි­පත් කරන ලදී. එම නාම­යෝ­ජනා 165 අතු­රින් මෙවර පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා නාම­යෝ­ජනා 148ක් පිළි­ගත් අතර දේශ­පා­ලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩා­යම් 7ක නාම­යෝ­ජනා ප්‍රති­ක්ෂේප විය.

කොළඹ දිස්ත්‍රි­ක්කයේ පළාත් පාලන ආය­තන 13ක් සඳහා පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ හා ස්වාධීන කණ්ඩා­යම් 148ක් මෙවර මැති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වීමට නිය­මි­තය.

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් භාරදුන් නාමයෝජනා විවිධ හේතූන් මත ප්‍රතික්ෂේප වී තිබේ.

මැදවච්චිය ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගය භාරදුන් නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ දිවුරුම් අත්සන් කිරීමේදී අත්සන සහතික නොකිරීම හේතුවෙනි. එමෙන්ම එම දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම්පළාත , රාජාංගණය, මිහින්තලය, ගල්නෑව, තලාව සහ අනුරාධපුර මහනගර සභාව යන පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබුණි.

එමෙන්ම පුටුව ලකුණින් තරග කරන පොදු ජන එක්සත් පෙරමුණ වෙනුවෙන් කොළඹ මහනගර සභාව වෙනුවෙන් ලබාදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප විය.

ලංකා කම්කරු කොංග්‍රසය තනිවම තරග කිරිම සදහා කොත්මලේ සහ මස්කෙලිය ප්‍රාදේශිය සභාවට තරග කිරීමට භාර දුන් නාම යෝජනා පත්‍ර ද ප්‍රතික්ෂේප වී තිබේ.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂය භාරදුන් නාමයෝජනා ද ප්‍රතික්ෂේප වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13කට අදාළව පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 176 ක් ඇපමුදල් තැන්පත් කර තිබූ අතර නාමයෝජනා 165 ක් භාරදී තිබුණි. ඉන් පිළිගත් දේශපාලන පක්ෂ 148න් 17ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයට භාරදුන් නාම යෝජනා පත්‍ර 144 අතුරින් නාම යෝජනා පත්‍ර 9ක් ප්‍රතික්ෂේප වු බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT