ෆේස්බුක් සමාජ මාධ්‍යය මඟින් ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය විවේචනය කෙරෙන ආකාරයේ අදහසක් පළ කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ජාතික පුහුණුකරු සහ ආසියානු පදකම්ලාභියකු වන පී. කේ. නිරංජන් කුමාර මහතාට එරෙහිව සංගමයේ තනතුරුවලට පත්වීම වසර 10ක් අත්හිටුවමින් පනවන ලද ක්‍රීඩා තහනමට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති බී.කේ. රන්දීර් රෝද්‍රිගෝ, ලේකම් කේ. එච්. කපිල කුමාර, විනය කමිටුවේ සාමාජික එන්. සී. ගයන්ති ඇතුළු වගඋත්තරකරුවන් 8 දෙනකුට එරෙහිව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
පැමිණිලිකරු සිය ලේඛනගත නීතිඥ වින්දිකා සුබසිංහ මහත්මිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ ඔහුට එරෙහිව 2023 වසරේ දෙසැම්බර් මස 18දා වගඋත්තරකරුවන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ බවත් ඉන් වසරකට පමණ පසු 2024 වසරේ ඔක්තෝබර් 19දා ජා-ඇළ ප්‍රදේශීය සභාවේදී පරීක්ෂණයක් පැවැත්වූ බවත් කියා සිටී.
සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව විනය පරීක්ෂණයක් සඳහා සාමාජිකයන් 5 දෙනකු සහභාගි වියයුතු වුවත් එම පරීක්ෂණයට සහභාගීව ඇත්තේ 4 දෙනකු බව පැමිණලිකරුවන් අධිකරණයට පෙන්වා දෙන ලදී. මෙයට අමතරව එම විනය කමිටුවට සංගමය වෙනුවෙන් පැමිණිල් මෙහෙයවූ තැනැත්තාට එරෙහිව ජීවිතාන්ත ක්‍රීඩා තහනමක් පනවා ඇති තැනැත්තකු බව පැමිණිල්ලේ නීතිඥයන් කරුණු දක්වා සිටියේය.
සාවද්‍ය විනය පරීක්ෂණයක් පවත්වා එහි තීරණ බලශූන්යය කෙරෙන නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිල්ල කළ කරුණු දැක්වීම පිළිගත් අධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කර එම නියෝගයට එරෙහිව ඉදිරිපත් කිරීමට කරුණු ඇත්නම් ලබන 25දා අධිකරණය දන්වන ලෙස වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කළේය.