Home » විදේශ රැකියා ගම්ම­ට්ට­මින් සමා­නව

විදේශ රැකියා ගම්ම­ට්ට­මින් සමා­නව

රජය තීර­ණය කරයි

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

වඩාත් නිපු­ණ­තා­ව­යක් සහිත ශ්‍රමි­ක­යන් විදේශ රැකියා සඳහා යොමු කර­මින් රටේ සෑම ගම­ක­ටම සමා­නව විදේශ රැකියා අවස්ථා ලබා­දී­මට රජය තීර­ණය කර තිබේ.

ඒ සඳහා කිසිඳු දේශ­පා­ලන මැදි­හ­ත්වි­මක් නොමැති අතර වඩාත් නිපු­ණ­තා­ව­යක් සහිත ශ්‍රමි­ක­යින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අර­මුණ බවද විනි­වි­ද­භා­ව­ය­කින් යුතුව තෝරා ගන්නා බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති කෝශල වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කරයි.

ඊශ්‍රා­යල් රාජ්‍යයේ ඉදි­කි­රීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියා­ත්මක ප්‍රති­සං­ස්ක­රණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩා­යම පෙරේදා රාත්‍රියේ (19) දිව­යි­නෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය සද­හන් කරයි.

මෙම කණ්ඩා­ය­මට රැකි­යා­ලා­භීන් 50 දෙනෙකු ඇතු­ළත් වන බවද පසු­ගිය වසරේ නොවැ­ම්බර් මස පැවති ප්‍රායෝ­ගික පරී­ක්ෂ­ණ­ව­ලින් තෝරා­ගත් මෙම පිරිස මේ වසරේ ජන­වාරි මස දී ඊශ්‍රා­ය­ල­යට විදේශ ශ්‍රමි­ක­යන් බඳවා ගන්නා ක්‍රමය වන ලොත­රයි ඇදීම මගින් තෝරා­ගෙන තිබෙන අතර වසර 5ක කාල­යක් සඳහා රැකියා කිරි­මට මේ යටතේ අවස්ථා හිමි­වන බවද එම කාර්යාං­ශය පව­සයි.

මෙම පිරි­සට ගුවන් ගමන් බල­පත්‍ර ලබා­දීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ දී එහි සභා­පති කෝශල වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු­කෙ­රිණි.

එහිදී අද­හස් දැක්වූ වික්‍ර­ම­සිංහ මහතා සඳ­හන් කළේ විග­ම­නික ශ්‍රමි­ක­යන් මෙර­ටට එවනු ලබන විදේශ විනි­මය රටේ සංව­ර්ධ­න­යට විශාල දාය­ක­ත්ව­යක් ලබා­දෙන බවත් එම­ඟින් ආර්ථික දේහය පෝෂ­ණය කිරී­මට සමත් වන බවත්ය. වඩාත් නිපු­ණ­තා­ව­යක් සහිත ශ්‍රමි­ක­යින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අර­මුණ බවත්, රැකියා අවස්ථා සිය­ලුම ගම්මා­න­ව­ලට සමා­නව ලබා­දී­මට පිය­වර ගන්නා බවත් ඒ මහතා සඳ­හන් කළේය.

එහිදී කිසිඳු දේශ­පා­ලන මැදි­හ­ත්වි­මක් නොකොට තෝරා ගැනීමේ දී පූර්ණ විනි­වි­ද­භා­ව­ය­කින් යුතුව ඔවුන් තෝරා ගැනී­මට අවශ්‍ය විධි විධාන යොදා ඇති බව ද ඔහු කියා සිටි­යේය. එහිදී කිසිදු පුද්ග­ල­යෙ­කුට අසා­ධා­ර­ණ­යක් නොවන අයු­රින් මෙම කට­යුතු ක්‍රියා­ත්මක කිරී­මට නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දී තිබෙන බව ද කෝශල වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය. මේ වසරේ දි විදේශ රැකියා සදහා ශ්‍රමි­ක­යන් 344,000 විදේ­ශ­ගත කිරී­මට බලා­පො­රො­ත්තු­වන බවද ඔහු සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT