Home » දෙවැනි වාහන තොග­යත් හම්බ­න්තො­ටට

දෙවැනි වාහන තොග­යත් හම්බ­න්තො­ටට

by Gayan Abeykoon
March 21, 2025 8:01 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

දේශීය වෙළ­ඳ­පොළ සඳහා ආන­ය­නය කරන ලද දෙවැනි වාහන තොගය හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරා­යට (HIP) ළඟාවී තිබේ.

ග්ලෝවිස් සෙන්චරි නමැති නෞකා­වෙන් රැගෙන ආ වාහන තොගයේ, ශ්‍රී ලංකා වෙළ­ඳ­පොළ සඳහා BYD වාහන 462ක් ඇතු­ළත් වූ අතර වාහන 669ක් ප්‍රති­නැ­ව්ගත කර ඇත. ග්ලෝවිස් සෙන්චරි නෞකාව සඳහා HIP විසින් හසු­රු­වන ලද මුළු වාහන ගණන 1,159කි.

‘’කලා­පයේ මෝටර් රථ සැප­යුම් දාමය තුළ, විශේ­ෂ­යෙන්ම වේග­යෙන් වර්ධ­නය වන විද්‍යුත් වාහන (EV) වෙළෙ­ඳ­පොළ තුළ, හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරාය (HIP), ප්‍රධාන කේන්ද්‍ර­ස්ථා­න­යක් ලෙස ප්‍රසිද්ධ වෙමින් තිබෙ­නවා. එයට විශේෂ හේතුව, අපගේ මනා සංවි­ධ­නා­ත්ම­ක­භා­වය මෙන්ම විද්‍යුත් වාහ­න­වල අව­ශ්‍යතා සපු­රා­ලීම සඳහා විශේ­ෂඥ ලෙස සකස් කර ඇති නවී­න­තම සහ ආර­ක්ෂිත යටි­තල පහ­සු­කම්. විද්‍යුත් වාහන සඳහා උසස් තත්ත්වයේ පහ­සු­කම් සැප­යී­මෙන් කලා­පයේ මෝටර් රථ කර්මා­න්තයේ වර්ධ­නය උදෙසා අපගේ කැප­වීම සනාථ කර­නවා,’ යි හම්බ­න්තොට ජාත්‍ය­න්තර වරාය සමූ­හයේ (HIPG) වාණිජ හා අලෙවි කට­යුතු පිළි­බඳ සාමා­න්‍යා­ධි­කාරී ලාන්ස් සූඕ මහතා ප්‍රකාශ කරයි.

සිංග­ප්පූ­රුවේ සිට පැමිණි, කොරි­යානු ධජය යටතේ යාත්‍රා කරන ග්ලෝවිස් සෙන්චරි නෞකාව, HIPහි සිය මෙහෙ­යුම් සාර්ථ­කව නිමවා, ඕමා­නයේ සොහාර් වරාය වෙත ගමන් ආරම්භ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT