Home » ගුවන ආශ්‍රිත ත්‍රාස­ජ­නක ක්‍රීඩා නියා­ම­න­යට වැඩ­පි­ළි­වෙ­ළක්

ගුවන ආශ්‍රිත ත්‍රාස­ජ­නක ක්‍රීඩා නියා­ම­න­යට වැඩ­පි­ළි­වෙ­ළක්

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ගුවන ආශ්‍රිත විනෝ­දා­ස්වාද ක්‍රීඩා හා ත්‍රාස­ජ­නක ගුවන් ක්‍රියා­කා­ර­කම් නිසි නියා­ම­න­ය­කට ලක්ක­ර­මින් සංචා­රක කර්මා­න්ත­යට සවි­යක් වීම සඳහා නව වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මට සිවිල් ගුව­න්සේවා අධි­කා­රිය පිය­වර ගෙන තිබේ.

ශ්‍රී ලංකා­වට පැමි­ණෙන විදෙස් සංචා­ර­ක­යන් හට මෙරට පව­තින පාරි­ස­රික හා භූවි­ෂ­ම­තා­ව­යන්ට අනුව ගුවන ආශ්‍රිත විනෝ­දා­ස්වාද ක්‍රීඩා හා ත්‍රාස­ජ­නක ගුවන් අත්දැ­කී­ම්වල නිර­ත­වීම සඳහා නව අව­ස්ථා­වන් හඳු­න්වා­දී­ම­ටත්, එම ක්ෂේත්‍ර­යන් නිසි නියා­ම­න­ය­කට ලක්කි­රී­ම­ටත් ශ්‍රී ලංකා සිවිල් ගුව­න්සේවා අධි­කා­රිය, ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය සම­ගින් එක්ව වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර ඇත.

ඒ අනුව මෙම අංශ යටතේ කට­යුතු කරන මෙහෙ­යු­ම්ක­රු­වන්, ව්‍යාපා­රි­ක­යන් හා වෘත්ති­ක­යන් ඇතුළු එම ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව­ක­රු­වන් සමඟ එහි ඉදිරි කටු­යුතු පිළි­බඳ සාකච්ඡා කිරීමේ හමු­වක් පසු­ගිය දා ශ්‍රී ලංකා සිවිල් ගුව­න්සේවා අධි­කා­රියේ දී සිවිල් ගුව­න්සේවා අධ්‍යක්ෂ ජන­රාල් සහ ප්‍රධාන විධා­යක නිල­ධාරී එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික) සාගර කොට­ක­දෙ­ණිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැත්වූ අතර එහිදී මෙම කරුණු අනා­ව­ර­ණය විය.

මෙම අව­ස්ථාවේ දී අද­හස් දැක්වූ සිවිල් ගුව­න්සේවා අධ්‍යක්ෂ ජන­රාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික) සාගර කොට­ක­දෙ­ණිය මහතා,

“ශ්‍රී ලංකා­වට පැමි­ණෙන විදෙස් සංචා­ර­ක­යන් විවිධ ආකා­රයේ සංචා­රක අත්දැ­කීම් ලබා­ගැ­නීමේ අපේ­ක්ෂා­වෙන් මෙරට සංචා­රයේ නිරත වනවා. ඒ අත­රින් ත්‍රාස­ජ­නක ගුවන් ක්‍රීඩා මෙන්ම ගුවන ආශ්‍රිත විනෝ­දා­ස්වා­දය සහිත ක්‍රියා­කා­ර­කම් සඳහා ද ඔවුන් ඉහළ උන­න්දු­වක් දක්වන බවට පෙනෙ­න්නට තිබෙ­නවා. ඒ නිසා මෙම අව­ස්ථා­වන් නිසි නියා­ම­න­යක් යටතේ පව­ත්වා­ගෙන යාමේ අව­ශ්‍ය­තා­වක් මතුව තිබෙන බව අප හඳු­නා­ගත්තේ එහි නිර­ත­වන පුද්ග­ල­යන්ගේ සුර­ක්ෂි­ත­තා­වය හා ආර­ක්ෂාව ද තහ­වුරු කිරී­මට අවශ්‍ය නිසයි.

එමෙන්ම සංචා­ර­ක­යන් වැඩි වශ­යෙන් මෙර­ටට ගෙන්වා ගැනී­මට රජය ගන්නා උත්සා­හ­යට මෙම නව අව­ස්ථා­වන් රට­තුල ප්‍රච­ලිත කිරී­මට රුකු­ලක් වන බව අපගේ විශ්වා­සය වගේම අපේ රටේ පව­තින භූවි­ෂ­ම­තා­ව­යන් හා පාරි­ස­රික ස්වභා­වය මෙවැනි ආකා­ර්ෂ­ණීය හා ත්‍රාස­ජ­නක ක්ෂේත්‍ර­යන් ප්‍රච­ලිත කිරී­ම­ටත් ඒ වෙනු­වෙන් උන­න්දු­වක් දක්වන සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය කර­ගැ­නී­ම­ටත් මනා සහ­යෝ­ග­යක් සප­යාවි.” යැයි පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT