Home » 11 හැවි­රිදි පාසල් දරු­වෙක් බැලුම් බෝල­යක් සිරවී මරුට

11 හැවි­රිදි පාසල් දරු­වෙක් බැලුම් බෝල­යක් සිරවී මරුට

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

ගාල්ල දිසා සමූහ - නන්ද­සිරි වැලි­ග­මගේ

නෙළුව තිනි­යා­වල ධන­වල ප්‍රදේ­ශයේ පදිංචි එකො­ළොස් හැවි­රිදි පාසල් දරු­වකු බැලුම් බෝල­යක් සිර­වී­මෙන් මිය ගොස් ඇතැයි නෙළුව පොලී­සිය පව­සයි. මිය­ගිය පාසල් දරුවා සිය නැග­ණිය සමඟ පෙරේදා (19) පස්ව­රුවේ නි‍ෙවසේ සෙල්ලම් කර­මින් සිට ඇති අතර, එහිදී මේ දරුවා බැලුම් බෝල­යක් මුඛයේ රඳ­වා­ගෙන සෙල්ලම් කර­මින් සිට ඇතැයි වාර්තා වෙයි. පසුව බැලුම් බෝලය දරු­වාගේ උගුරේ සිරවී ඇති අතර, මොහු නෙළුව රෝහ­ලට ඇතු­ළත් කර ඇති නමුත් ඒ වන විටත් දරුවා මිය­ගොස් සිටි බැව් රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කරයි. මිය­ගොස් ඇත්තේ නෙළුව ප්‍රදේ­ශයේ ප්‍රාථ­මික විද්‍යා­ල­යක පහ ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන සිසු­වෙකි. මිය­ගිය පාසල් සිසු­වාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ඊයේ (20) උඩු­ගම රෝහ­ලේදී පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT