Tuesday, March 25, 2025
Home » ත්‍රිරෝද රථ­යක් තේ දලු ලොරි­යක ගැටී කතුන් දෙදෙ­නෙක් මිය ගිහින්

ත්‍රිරෝද රථ­යක් තේ දලු ලොරි­යක ගැටී කතුන් දෙදෙ­නෙක් මිය ගිහින්

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

පාණ­දුර සංචා­රක - සුමිත් පොතු­පි­ටිය

නෙළුව-පැල­වත්ත මාර්ගයේ ත්‍රිරෝද රථ­යක් සහ තේ දලු රැගෙන යන ලොරි­යක් මුහු­ණට මුහුණ ගැටී සිදු වූ රිය අන­තු­ර­කින් කාන්තා­වන් දෙදෙ­නකු මිය­ගොස් තවත් තිදෙ­නකු තුවාල ලබා ඇතැයි තිනි­යා­වල පොලී­සිය පව­සයි. අන­තු­රෙන් මිය­ගොස් ඇත්තේ නෙළුව, කළු­බෝ­වි­ටි­යාව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි 55 සහ 27 වියැති  කාන්තා­වන් දෙදෙ­නෙකි.

ලොරිය නෙළුව දෙස සිට පැල­වත්ත දෙසට ගමන් කර ඇති අතර, පැල­වත්ත දෙස සිට නෙළුව දෙසට ගමන් ගත් ත්‍රිරෝද රථය 7 කණුව ප්‍රදේ­ශ­යේදී මුහු­ණට මුහුණ ගැටී ඇති බව පොලී­සිය කීය.

තුවා­ල­ක­රු­වන් මීග­හ­තැන්න රෝහ­ලට රැගෙන ගොස් ඇති අතර, එහිදී දෙදෙ­නකු මිය­ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කරයි. ලොරිය සහ ත්‍රිරෝද රථය පොලිස් භාර­යට ගෙන ඇති අතර, තිනි­යා­වල පොලී­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT