Home » 161 වැනි පොලිස් විරු අනු­ස්ම­රණ දිනය අද

161 වැනි පොලිස් විරු අනු­ස්ම­රණ දිනය අද

by Gayan Abeykoon
March 21, 2025 8:09 am 0 comment

ශ්‍රී ලංකා පොලී­සියේ 161 වැනි පොලිස් විරු අනු­ස්ම­රණ දිනය අදට (21) යෙදී තිබේ. පොලිස් විරු අනු­ස්ම­රණ දිනය මෙවර අභි­මා­න­යෙන් සැම­රීම වෙනු­වෙන් යුද්ධ­යේදී මෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියා­ව­ලදී මිය­ගිය පොලිස් නිල­ධ­ර­යන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් 30 දෙනකු සහ පූර්ණ ආබා­ධි­ත­භා­ව­යට පත් වූ පොලිස් නිල­ධ­ර­යන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් 20 දෙනකු වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා සමඟ පොලිස් ක්ෂේත්‍ර බළකා මූල­ස්ථා­නයේ පිහිටි පොලිස් රණ­විරු ස්මාර­කය වෙත පුෂ්පෝ­ප­හාර දැක්වී­ම­ටත් එම පොලිස් විරු­වන්ගේ සාමා­ජි­ක­යන්ගේ පැමි­ණීම ගෞර­ව­යක් ලෙස සල­ක­මින් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­ර­යාගේ සුර­තින් සියලු දෙනාට මුදල් ත්‍යාග වවු­ච­ර්පත් දීම­ටත් සියලු කට­යුතු සූදා­නම් කර ඇත.

අප අද අත්වි­ඳින නිද­හස උදෙසා මිය­ගිය සියලු පොලිස් නිල­ධ­ර­යන් දහ­ඩි­යෙන් ලෙයින් කඳු­ළින් සිදු කළා වූ කාය දානය, ආත්ම පරි­ත්‍යා­ගය 161 වැනි පොලිස් විරු අනු­ස්ම­රණ දින­යේදී මෙලෙස ගෞර­වා­න්වි­තව සිහි­පත් කර සිටි­න්නෙමු.

ඒ රටක ඉති­හා­සය දෙස හැරී බැලී­මේදී එරට ජන­තාව මුහුණ දුන් යහ­පත් මෙන්ම අය­හ­පත් කාල­ප­රි­ච්ජේ­ද­යන් පිළි­බඳ අව­බෝ­ධ­යක් ලබා ගැනී­මට හැකි­යාව ලැබේ. වීර­යන් යනු සමා­ජ­යක් අග­ති­යට, අසා­ධා­ර­ණ­යට ලක්වන අව­ස්ථා­ව­ලදී හුදු බොහෝ දෙනාගේ ජීවිත හා දේපොළ සුරැ­කී­මට ස්වේච්ඡා­වෙන්ම තම දිවි පර­දු­වට තබා කට­යුතු කර­න්නන් බව අවි­වා­ද­යෙන් සඳ­හන් කළ යුතුය. පරා­ර්ථ­කා­මීව සිය ජීවිත අන­තුරේ බව දනි­මින් බොහෝ දෙනාගේ ජීවිත රැක ගත් විරු­වන්ට කෘත­වේදී වන මෙම දිනය පිළි­බඳ දැනු­ම්වත්ව තම උප­හා­රය දැක්වීම ඔවුන් වෙනු­වෙන් අප­හට කළ හැකි අල්ප­මාත්‍ර ගෞර­වය වනු ඇත.

ඒ අන් කිසි­වක් නිසා නොව අපට නිද­හසේ හුස්ම ගනි­මින්, රිසි සේ සමා­ජයේ හැසි­රෙ­මින්, ජීවත් වීමේ අයි­තිය හිමි­කර දෙන්නට ඔවුන් කැපවූ නිසා­වෙනි. ශ්‍රී ලංකා පොලී­සිය සෑම වස­ර­කම මාර්තු මස 21 වැනි දින­යේදී අනු­ස්ම­ර­ණය කරනු ලබන්නේ ද අද අපි අත්වි­ඳින නිද­හස වෙනු­වෙන් දිවි පිදූ එවැනි පොලිස් විරු­වන්ය.

පොලිස් වීර­භට නාමා­ව­ලියේ මුල්ම නම සඳ­හන්ව ඇත්තේ පූර්ණ බල­ය­ලත් පොලිස් නිල­ධා­රි­යකු ලෙස වික්‍ර­මා­න්විත රාජ­කා­රි­යේදී වර්ෂ 1864 මාර්තු 21 වැනි දින මිය ගිය සභාන් නිල­ධා­රි­යා­ගේය. උතු­වන් කන්දේ සර­දි‍ෙ­යල් අත්අ­ඩං­ගු­වට ගැනී­මට උත්සාහ දැරී­මේදී සර­දි‍ෙ­යල්ගේ සහ­ච­ර­යකු වූ මම්මලේ මරි­ක්කාර් විසින් තබන ලද වෙඩි පහ­ර­කින් සභාන් නිල­ධා­රියා මිය ගිය අතර, ඔහු සිහි­වීම පිණිස එව­කට කෑගල්ල ප්‍රදේ­ශය භාරව සිටි ඊ.ආර්. සොන්ඩර්ස් නම් දිසා­ප­ති­ව­රයා විසින් කොළඹ නුවර මාර්ගයේ මාව­නැල්ල පොලිස් වසමේ ඔහු නමින් ස්මාර­ක­යක් ඉදි­ක­රන ලදි.

සභාන් නිල­ධා­රි­යාගේ මර­ණ­යෙන් පසු මෙම දිනය පොලිස් විරු අනු­ස්ම­රණ දිනය ලෙසට නම් කිරීම ඔහු විසින් සිදු කළ වික්‍ර­මා­න්විත මෙහෙ­ව­රට හේතු විය. ඉන් අන­තු­රුව පොලිස් වීර­භට නාමා­ව­ලියේ නම සඳ­හන්ව ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව රාජ­කාරි කර­මින් සිටි­යදී 1894 වර්ෂ­යේදී ඝාත­න­යට ලක් වූ පොලිස් කොස්තා­පල් 289 කේ. තම්බි මුත්තු නිල­ධා­රි­යා­ගේය. ක්‍රියා­න්විත රාජ­කා­රියේ නිර­තව සිටි­යදී මිය ගිය වීර­භට සභාන් නිල­ධා­රි­යාගේ සිට විටින් විට ශ්‍රී ලංකා පොලී­සි­යට අහිමි වූ පොලිස් විරු­වන්ගේ  ජීවිත අත­රට එකතු වූ වත්මන් කාලයේ ආස­න්තම පොලිස් නිල­ධා­රියා වන්නේ 2024.09.30 වැනි දින ගල්ග­මුව පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව රාජ­කාරි කරනු ලැබූ පොලිස් සැර­යන් (55175) එස්.එම්. ධර්ම­ව­ර්ධන නිල­ධා­රි­යායි. මෙම මිය­ගිය නිල­ධා­රියා රිය අන­තු­ර­කට ලක්ව ක්‍රියා­වි­ර­හි­තව තිබූ යතු­රු­පැ­දි­යක් විම­ර්ශන කට­යුතු සඳහා පොලිස් ස්ථානය වෙත රැගෙන යෑමට මාර්ගයේ පදික මාරු­වක් මතින් වම්පස සිට දකු­ණු­ප­සට මාරු­වී­මේදී  වේග­යෙන් පැමිණි තවත් යතු­රු­පැ­දි­යක ගැටී­මෙන් අන­තු­රට  ලක්වී මිය යන ලදි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT