Home » අත්‍ය­වශ්‍ය ආහා­ර­වල මිල පරා­ස­යන් සති­ය­කට වරක් මාධ්‍ය­යට

අත්‍ය­වශ්‍ය ආහා­ර­වල මිල පරා­ස­යන් සති­ය­කට වරක් මාධ්‍ය­යට

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

මලිඳු තෙන්න­කෝන්

පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය මඟින් අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය­වල ඇස්ත­මේන්තු මිල පරා­ස­යන් සෑම සති­ය­කට වරක්ම මාධ්‍ය වෙත පළ කිරී­මට කට­යුතු කර තිබේ. ඒ අනුව මෙම සති­යට අදාළ පසු­ගි­යදා (17) සිට 23 වැනිදා දක්වා ඇස්ත­මේන්තු මිල පරා­ස­යන් ජන­තාව වෙත දැනු­ම්වත් කිරීම සඳහා පසු­ගි­යදා (18) සිදු කෙරිණි.

ඒ අනුව තෝරා ගත් අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය­යන්හි ඇස්ත­මේන්තු සිල්ලර මිල පරා­ස­යන් පහත පරිදි වේ.

තිරි­ඟු­පිටි රු. 155.00 – රු. 178.00, සුදු සීනි රු. 220.00 – රු. 240.00, පරිප්පු රු. 265.00 – රු. 283.00, අර්තා­පල් (ආන­ය­නික) රු.150.00 – රු.175.00, බී ලූනු (ඉන්දි­යන් රු.150.00 – රු.190.00, බී ලූනු (පාකි­ස්තාන) රු.110.00 – රු.120.00, රතු ලූනු (ආන­ය­නික) රු.280.00 – රු.320.00ක් වශ­යෙන් ද වියළි හාල්මැ­ස්සන් (තායි­ලන්ත) රු.792.00 – රු.871.00, වියළි හාල්මැ­ස්සන් (අනෙ­කුත්) රු.640.00 – රු.723.00, වියළි මිරිස් රු.640.00 – රු.720.00, බිත්තර (සුදු) – ඒක­ක­යක් රු.26.00 – රු.32.00, බිත්තර (දුඹුරු) – ඒක­ක­යක් රු.28.00 – රු.34.00ක් ලෙසත් ටින් මාළු (දේශීය) – ටූනා – 425g රු.300.00 – රු.380.00, ටින් මාළු (දේශීය) – මැක­රල් – 425g රු.310.00 – රු.420.00, ටින් මාළු (ආන­ය­නික) – 425g රු.380.00 – රු.415.00, දේශීය කැකුළු සහල් – සුදු රු.210.00 – රු.220.00, දේශීය කැකුළු සහල් – රතු රු.210.00 – රු.220.00, දේශීය නාඩු සහල් – සුදු රු.220.00 – රු.230.00ක් වශ­යෙන් ද ආන­ය­නික කැකුළු සහල් රු.200.00 – රු.210.00, ආන­ය­නික නාඩු සහල් රු.210.00 – රු.220.00, බ්‍රොයි­ලර් කුකුළු මස් කිලෝ­වක මිල (සම්පූර්ණ කුකුලා) සම සහිත රු.800.00 – රු.990.00, සම්පූර්ණ යොදය සහිත කිරි­පිටි 400 g රු.950.00 – රු.1090.00 ලෙසත් මිල සඳ­හන්ව පැව­තිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT