ශ්‍රී ලංකාව සහ තුර්කියේ ව්‍යාපාරික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් වශයෙන් කාන්තා ව්‍යවසායකයන්ගේ වෙළෙඳ ප්‍රදර්ශනයක් අන්කාරා නුවරදී පසුගියදා පැවැත්විණි.
ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනේ කොටසක් ලෙස මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරුණු අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාන්තා ආර්ථික සවිබල ගැන්වීම, සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ එමඟින් ශ්‍රී ලංකා – තුර්කි සබඳතා ශක්තිමත් කිරීමට දායක වීම සඳහා වන කැපවීම යළි තහවුරු කළේය.
කාන්තාවන් සවිබල ගැන්වීමේ ගෝලීය ව්‍යාපාරයට සමගාමීව, සාම්ප්‍රදායික ශිල්ප සංරක්ෂණය කිරීමට සහ කාන්තා ශිල්පීන් සඳහා තිරසර අවස්ථා නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව සහ තුර්කියේ හවුල් කැපවීම මෙම ප්‍රදර්ශනයෙන් පෙන්නුම් කෙරිණි.
මෙම අවස්ථාවට තුර්කියේ ජාතික අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය Celile Eren Ökten සහ එරට ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මීහු සහභාගි වූහ.