නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉස්ලාම් බැතිමතුන් සමඟ ඉෆ්තාර් සමරයි.
ඉස්ලාමීය ආගමික චාරිත්‍රානුකූලව රමලාන් මාසයේ උපවාසය දෛනිකව අවසන් කිරීම හෙවත් “ඉෆ්තාර් උත්සවය” මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ 07 නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි. ඉස්ලාමීය සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ මේ උත්සවය සඳහා සියලු ආගම් නියෝජනය කරමින් පිරිස් සහභාගි වීම විශේෂත්වයකි. ශාරීරික ශක්තිය ඇති සියලු මුස්ලිම්වරුන් විසින් ඉටු කළ යුතු පංච මහා වගකීම් අතරින් එකක් වන උපවාසය සමාදන් වීම අල්ලාහ් විසින් අනුමත කොට තිබෙන බව ඉස්ලාම් බැතිමත්හු ප්‍රකාශ කරති.