Home » ඉම්ති­යාස් බාකීර්ගේ ඉල්ලා අස්වීම ගැන ඉදි­රි­යේදී සාකච්ඡා කර­නවා

ඉම්ති­යාස් බාකීර්ගේ ඉල්ලා අස්වීම ගැන ඉදි­රි­යේදී සාකච්ඡා කර­නවා

සජබ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

රක්ෂණ ශ්රියන්ත

සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ඉම්ති­යාස් බාකීර් මාකර් මහතා සමගි ජන බල­වේ­ගයේ සභා­පති ධූර­යෙන් සහ අනෙ­කුත් සිය­ලුම තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම සම්බ­න්ධ­යෙන් පක්ෂයේ කළ­ම­නා­ක­රණ කමි­ටුව රැස්වී ඉදි­රි­යේදී සාකච්ඡා කිරී­මට නිය­මිත බව සමගි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ සමගි ජන බල­වේ­ගය ප්‍රධාන කාර්යා­ලයේ පෙරේදා (19) පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගී වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැ­සීය.

“සමගි ජන බල­වේ­ගයේ සභා­පති ඉම්ති­යාස් මහතා පක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා වෙත ලිපි­යක් යොමු කර­මින් සමගි ජන බල­වේ­ගයේ සභා­පති ධුර­යෙන් ඉල්ලා අස්වන බව සඳ­හන් කර තිබෙ­නවා. ඉල්ලා අස්වී­මට හේතු­වක් සඳ­හන් කර තිබුණේ නෑ.

නාම­යෝ­ජනා මණ්ඩ­ලයේ වැඩ­ක­ට­යුතු නිසා ඒ මහතා පෞද්ග­ලි­කව මුණ­ගැ­හෙන්න අව­ස්ථා­වක් තිබුණේ නෑ. ඉම්ති­යාස් මහතා පක්ෂයේ ගමන් මඟ පිළි­බ­ඳව විවිධ අද­හස් මතු­කර තිබුණා. කෙසේ නමුත් ඉම්ති­යාස් මහතා කියන්නේ සමගි ජන බල­වේ­ග­යට දැවැන්ත ශක්ති­යක්.

සිංහල, මුස්ලිම්, දෙමළ සිය­ලුම ජන­තාව සමඟ සුහ­දව කට­යුතු කළ පුද්ග­ල­යෙක් තමයි ඉම්ති­යාස් මහතා. ඒ මහ­තාගේ ඉල්ලා අස්වීම පිළි­බ­ඳව පක්ෂයේ කළ­ම­නා­ක­රණ කමි­ටුව රැස්වෙලා ඉදි­රි­යේදී සාකච්ඡා කිරී­මට නිය­මි­තයි.

සමගි ජන බල­වේ­ග­යෙන් කිසි­වෙක් අපි එල­වන්න කට­යුතු කරන්නේ නෑ. සියලු දෙනාම එකතු කර­ගෙන තමයි අපි මේ ගමන යන්න කට­යුතු කරන්නේ. මම ඕනෑම වෙලා­වක පක්ෂය සහ පක්ෂ නාය­ක­ත්වය රැක ගැනී­මට කට­යුතු කර­නවා. ඒ වග­කීම මම අදත් ඉටු කර­නවා. පහළ මට්ටමේ සිටින ඡන්ද­දා­ය­ක­යන් රැක­ගෙන ඉදි­රි­යට යන්න අවශ්‍ය නිසා සියල්ල ඉව­සා­ගෙන අපි කට­යුතු කර­නවා. ඡන්ද දාය­ක­යන් ධෛර්ය­මත් කළ යුතු නිසා අපි ඉව­සී­මෙන් කට­යුතු කර­නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT