61
ඇල්පිටිය, කහදූව, තිබ්බොටුවාව පදිංචිව සිටි ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රපාල ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට 73 වැනි වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි. විශ්‍රාමලත් ආචාරිණී වජිරා කාන්ති ජයසුන්දර මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඔහු විශ්‍රාමික තේ කම්හල් නිලධාරියෙකි.
මේ වන විට දේහය ගාල්ල රුහුණු මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, ආදාහන කටයුතු අද (21) ප. ව. 05.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.