ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ මේ වන විට විධායක සහ ව්‍යවස්ථාදායක බලය තහවුරු කරගෙන තිබෙන බවත්, එහි අන්තිම කොටස මේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ ජාතික ජන බලවේගය විසින් සම්පූර්ණ කර ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ මහනගර සභා, නගර සභා හතරක් සහ ප්‍රාදේශීය සභා දාහතක් සඳහා නාමයෝජනා දීමෙන් පසු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“ජනපති හා පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය මාස කිහිපයේ ගෙන ගිය ජනතාවාදී වැඩපිළිවෙළ තුළ මෙරට ජනතාව පළාත් පාලන මැතිවරණයේදී පැහැදිලි ජයග්‍රහණයක් මාලිමාවට ලබා දෙනවා. ඕනෑම ඡන්දයක් අවසන් වුණාම විපක්ෂය පරාජය වී සිටියත් ඔවුන්ගේ උද්යෝගය නොනැසී පවතිනවා. අපි ආණ්ඩුව පිහිටුවා තාමත් මාස හතරයි ගෙවී තියෙන්නේ. විපක්ෂය සතුව තිබෙන උද්යෝගය අවසන් වන අවස්ථාව තමයි දැන් උදා වෙලා තියෙන්නේ. තව අවුරුදු පහක් යනතුරු ඡන්ද එන්නේ නෑ. මේ අන්තිමට පැවැත්වෙන ප්‍රාදේශීය ඡන්දය. මේ ඡන්දයේ ප්‍රතිඵලයත් එක්ක ජනතාව ප්‍රතික්ෂේප කළ ඒ දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන ව්‍යාපාර අනිවාර්යයෙන්ම නිහඬ වෙනවා. ඒ නිහඬ වීමත් එක්ක අපට ජනතාව එක්ක බලාපොරොත්තු වන ගමන පහසුවෙන් යන්න පුළුවන්.
මේ ඡන්දයේදී අපට කිසිම අභියෝගයක් නෑ. සමාජ මාධ්‍ය ජාලවල සහ වෙනත් පොඩි පොඩි කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා ආණ්ඩුවට මඩ ගැසීම් කරනවා. පාර්ලිමේන්තුකරණය සහ ආණ්ඩුකරණය තුළ අප කරන වැඩකොටස ජනතාව පිළිගෙන තිබෙනවා.”