Home » පිටකොටුවේ කඩේක සඟවා තිබූ ලක්ෂ 380ක කීරි සම්බා රාජසන්තකයි

පිටකොටුවේ කඩේක සඟවා තිබූ ලක්ෂ 380ක කීරි සම්බා රාජසන්තකයි

by Gayan Abeykoon
March 21, 2025 4:01 pm 0 comment

මලිඳු තෙන්න­කෝන්

රුපි­යල් මිලි­යන 3.8කට වැඩි වටි­නා­ක­මක් සහිත සහල් රාජ­ස­න්තක කිරී­මට පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය කට­යුතු කර තිබේ.

පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය විසින් පසු­ගිය මස කොළඹ 12, පරණ යොන් වීදිය පිහිටි ෆර්වින් ට්‍රේඩර්ස් නමැති ආය­ත­නයේ සිදු කරන ලද වැට­ලී­ම­කදී කීරි සම්බා සහල් තම සන්ත­ක­යෙහි තබා­ගෙන නොමැති බව ප්‍රකාශ කිරීම සම්බ­න්ධව එම වෙළෙ­ඳ­ස­ලෙහි හිමි­කරු වන අබ්දුල් ජබ්බාර් මොහො­මඩ් සීයාස් සහ එහි කළ­ම­නා­කරු වන කුරු­ප්පන් මුරු­ග­යියා යන අයට එරෙ­හිව පසු­ගිය මස 11 වැනි දින කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙහි (අංක 5) නඩු පවරා තිබේ. අදාළ නඩු­වේදී ඉහත පුද්ග­ල­යන් විසින් වරද පිළි­ගැ­නී­මෙන් පසුව අධි­ක­ර­ණ­යෙන් එක් පුද්ග­ල­ය­කුට රුපි­යල් 10000.00 බැගින් රුපි­යල් 20000.00ක දඩ මුද­ලක් නියම කරන ලදි. එහිදී එම වෙළෙ­ඳ­සලේ සඟවා තිබි­යදී සොයා ගත් කීරි සම්බා සහල් කිලෝ පහේ ඇසු­රුම් 3000ක් ද නිල­ධා­රීන් විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි. පසු­ගි­යදා (18) අධි­ක­ර­ණය විසින් රුපි­යල් මිලි­යන 3.8කට වැඩි වෙළෙ­ඳ­පොළ වටි­නා­ක­මක් සහිත එම සහල් තොගය රාජ­ස­න්තක කරනු ලැබීය. පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කාරි පන­තට අනුව භාණ්ඩ තම සන්ත­කයේ තබා­ගෙන නොමැති බව ප්‍රකාශ කළ අව­ස්ථා­වක අදාළ වෙළෙන්දා වැර­දි­කරු වුව­හොත් ඊට අදාළ භාණ්ඩ තොගය රාජ­ස­න්තක කිරී­මට අධි­ක­ර­ණ­යට හැකි­යාව ඇති බව ද මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය දැනුම් දෙයි.වෙළෙ­ඳ­පොළේ සහල් වැඩි මිලට අලෙවි කිරීම සහ සඟවා තබා­ගැ­නීම සම්බ­න්ධව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය විසින් සිදු කරන වැට­ලීම් තව­දු­ර­ටත් අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක කරන අතර, එහිදී සම්බා සහ කීරි සම්බා සහල් සම්බ­න්ධව වැඩි අව­ධා­න­යක් යොමු කර­මින් වැට­ලීම් සිදු කරන ලෙසත්, නීතිය තදින්ම ක්‍රියා­ත්මක කරන ලෙසත් නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT