Home » හරක් කටාගේ ජාවාරමෙක් කෝටි 66ක කුඩු සමඟ දැලේ

හරක් කටාගේ ජාවාරමෙක් කෝටි 66ක කුඩු සමඟ දැලේ

by Gayan Abeykoon
March 21, 2025 4:14 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ, බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

හරක් කටාගේ මත්කුඩු ජාලයේ ප්‍රධා­නියා බව කියැ­වෙන රන්මල්ලි නමැති මත්කුඩු ජාවා­ර­ම්ක­රුගේ පාසල් මිතුරා රුපි­යල් කෝටි 66කට අධික වීථි වටි­නා­ක­මක් ඇති හෙරො­යින් කිලෝ 33යි ග්‍රෑම් 210ක් සමඟ දික්වැල්ල, ඌරු­ග­මුව, රද­ම්පල පිහිටි නි‍ෙව­ස­කදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රින් විසින් පෙරේදා (19) රාත්‍රී කාල­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මත්කුඩු තොගය සමඟ අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු මාතර කාර්මික විද්‍යා­ලයේ රියැ­දු­රෙක් ලෙස සේවයේ නිර­තව සිට මස­කට පමණ පෙර ඉන් ඉවත්ව ඇති අයෙක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය විසින් කළ විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී ඇත.

දික්වැල්ලේ පිහිටි ප්‍රධාන පෙළේ පාස­ලක රන්මල්ලී සහ මෙම සැක­කරු එක පන්තියේ අධ්‍යා­ප­නය ලබා ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය සඳ­හන් කරයි.

චරිත් සඳ­කැ­ළුම් නොහොත් රන්මල්ලි නැමැති මත්කුඩු ජාවා­ර­ම්කරු මේ වන විට සිටින්නේ ඩුබා­යි­හිය. හරක් කටාගේ මත්කුඩු ජාලයේ ප්‍රධා­නියා බව පැව­සෙන ඔහු හරක් කටා මැඩ­ග­ස්ක­රයේ දී අල්ලා මෙර­ටට රැගෙන ඒමෙන් පසු මත්කුඩු ජාවා­රම තනි­වම කර­ගෙන ගොස් ඇති බව සඳ­හන්ය.

මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටු මඟින් දකුණු මුහුදු තීර­යට රැගෙන විත් ඇති මෙම මත්කුඩු තොගය දින කිහි­ප­ය­කට පෙර මෙම නි‍ෙවසේ කාම­ර­යක සඟවා ඇති බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ.

පැකට් 29ක් ලෙස මෙම මත්කුඩු තොගය නි‍ෙවසේ කාම­රයේ සඟවා තිබුණු බව මත්ද්‍රව්‍ය කර්යාං­ශයේ උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය. ප්‍රශ්න කිරීම් හමුවේ සැක­කරු පවසා ඇත්තේ රන්මල්ලි විසින් ඩුබායි සිට දුර­ක­තන ඔස්සේ ලබා­දුන් උප­දෙස් මත මෙම මත්කුඩු තොගය තමා නි‍ෙවසේ සඟවා තබා­ගත් බවය.

ඔහු සිය රැකි­යා­වෙන් පවා ඉවත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවා­රම පූර්ණ කාලී­නව සිදු­කි­රීමේ අපේ­ක්ෂා­වෙන් විය හැකි බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය සැක කරයි.

මෙම සැක­කරු මඟින් මත්කුඩු තොග ගබ­ඩා­කර බෙදා හැරීම රන්ම­ල්ලිගේ සැල­සුම වී තිබී ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය සඳ­හන් කරයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ මහ­නු­වර ඒක­කයේ නිල­ධා­රීන් පසු­ගිය ජන­වාරි 16 වැනිදා කුරු­ණෑ­ග­ලින් සොයා­ගත් රුපි­යල් කෝටි 24ක මුදල ද රන්ම­ල්ලිට අයත් බව විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබුණි. මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­කුට අයත් මෙතෙක් සොයා­ගත් විශා­ල­තම මුදල වන්නේ ද එයයි.

රන්ම­ල්ලිට අයත් රුපි­යල් කෝටි 600කට අධික වටි­නා­ක­මක් ඇති හෙරො­යින් කිලෝ 300ක ප්‍රමා­ණ­යක්ද පසු­ගිය 2022 වසරේ නොවැ­ම්බර් 7 වැනිදා නාවික හමු­දාව විසින් බහු­දින යාත්‍රා­ව­කින් ප්‍රවා­හ­නය කර­මින් තිබිය දී අල්ලා­ගෙන තිබුණි.

ඒ කාන්තා­වක් ඇතුළු සැක­ක­රු­වන් 10 දෙනෙක් සම­ඟිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යට ලද තොර­තු­ර­කට අනුව නාවික හමු­දාව විසින් කළ මෙහෙ­යු­ම­කින් එම මත්කුඩු තොගය අල්ලා­ගෙන තිබුණි.

2021 වසරේ ජූලි මාස­යේදී පොලී­සිය කළ වැට­ලී­ම­කදී ද රන්ම­ල්ලිට අයත් මත්කුඩු සඟ­වන කොට්ටාවේ පිහිටි නි‍ෙව­සක් හඳුනා ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රින්  එහි වළ­දමා තිබී මත්කුඩු ජාවා­ර­මෙන් උපයා ගත් රුපි­යල් එක්කෝටි තිස් නව ලක්ෂ­යක පමණ මුද­ලක් සොයා ගත්තේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT