Home » පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

by Gayan Abeykoon
March 21, 2025 8:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ලෙස කට­යුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී බුද්ධික මන­තුංග මහතා තව­දු­ර­ටත් එම ධුරයේ කට­යුතු කිරී­මට නොහැකි බව සඳ­හන් කර­මින් පොලි­ස්ප­ති­ව­රයා වෙත ලිපි­යක් යොමු­කර ඇති බව පොලිස් මූල­ස්ථාන තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

එම ලිපිය ඔහු පොලි­ස්ප­ති­ව­රයා වෙත යොමු කර ඇත්තේ පෙරේදා (19) දින­යේ­දීය. සති­යක විදෙස් සංචා­ර­යක නිර­තව පැමි­ණී­මෙන් පසුව ඔහු මෙම ලිපිය පොලි­ස්ප­ති­ව­ර­යාට යොමු­කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ධුරය දර­න්නේද බුද්ධික මන­තුංග මහ­තාය. ඒ අනුව ඔහු එම තන­තු­රෙන්ද ඉව­ත්වී­මට ඉල්ලා ඇති බව සඳ­හන්ය.

බුද්ධික මන­තුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස පොලි­ස්ප­ති­ව­රයා විසින් පත්ක­රනු ලබන්නේ පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මාස­යේ­දීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT