මාළිගාකන්ද උසාවිය ඉදිරිපිට කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධව බන්ධනාගාරගතකොට සිටි ප්‍රධාන වෙඩික්කරුවන් දෙදෙනා අධිකරණයට රැගෙනවිත් ඉදිරිපත් නොකොට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාළිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම වීරසිංහ මහත්මිය ඊයේ (20) බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝග කළාය. අදාළ නඩුකාරය සඳහා එම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය කෙරිණි.
තවදුරටත් සැකකරුවන් දෙදෙනා ලබන මස දෙවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කළාය. ඊයේ දින මෙම සැකකරුවන් දෙදෙනා බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්රාත්වරිය පවසා සිටියේ පවතින වාතවාරණය අනුව මෙලෙස මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසය.
තවද ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරයේ සිට මොවුන් දෙදෙනා නැවත නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්රාත්වරිය පවසා සිටියාය. පසුගිය දෙසැම්බර් 14 වැනි දින නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට පැමිණි කාන්තාවක් නඩු කටයුතු අවසන් වී අධිකරණයෙන් පිටතට යන විට මෙම සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පැමිණ මෙම කාන්තාව ඝාතනය කිරීමට උත්සහා දරා තිබුණි.
සිදු කරන ලද විමර්ශනවලදී වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාවගේ පාර්ශ්වය මෙම සැකකරුවන්ගේ පාර්ශ්වය සමඟ ඇති කරගෙන තිබූ පෞද්ගලික ආරවුලක් මත මෙලෙස වෙඩි තබා තිබුණි.