Home » ගංජා ගහන කොස්තා­පල්ගේ වැඩ තහ­නම්

ගංජා ගහන කොස්තා­පල්ගේ වැඩ තහ­නම්

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

ගංජා භාවිත කරන බවට වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කින් අනා­ව­ර­ණය වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රි­ය­කුගේ වැඩ තහ­නම් කර තිබේ. අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලය වෙත පසු­ගිය 15 වැනිදා මෙම නිල­ධා­රියා ඉදි­රි­පත් කර කළ පරී­ක්ෂා­වේදී ඔහු ගංජා භාවිතා කරන අයෙක් බව තහ­වුරු වී ඇතැයි පොලිස් මූල­ස්ථා­නයේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය. පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙක් වන මෙම නිල­ධා­රි­යාගේ වැඩ තහ­නම් කර ඇත්තේ පෙරේදා (19) දින­යේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විසිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT