68
ගංජා භාවිත කරන බවට වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකුගේ වැඩ තහනම් කර තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත පසුගිය 15 වැනිදා මෙම නිලධාරියා ඉදිරිපත් කර කළ පරීක්ෂාවේදී ඔහු ගංජා භාවිතා කරන අයෙක් බව තහවුරු වී ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය. පොලිස් කොස්තාපල්වරයෙක් වන මෙම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇත්තේ පෙරේදා (19) දිනයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ විසිනි.