Wednesday, March 26, 2025
Home » මහ­නු­වර පාස­ල­කට සිසු­වකු ඇතු­ළත් කිරී­මට ආදි ශිෂ්‍ය සංග­මයේ පරි­ග­ණ­ක­යෙන් කූට ලේඛ­න­යක් හදලා

මහ­නු­වර පාස­ල­කට සිසු­වකු ඇතු­ළත් කිරී­මට ආදි ශිෂ්‍ය සංග­මයේ පරි­ග­ණ­ක­යෙන් කූට ලේඛ­න­යක් හදලා

පොලී­සිය සොයා ගනී

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

අසේල කුරු­ළු­වංශ

කූට ලේඛ­න­යක් සකසා මහ­නු­වර ප්‍රධාන පෙළේ බාලක පාස­ලක පළමු වස­රට ආදි ශිෂ්‍ය පද­න­මින් සිසු­වකු ඇතු­ළත් කළ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පැවැත් වූ පොලී­සිය අදාළ කූට ලේඛ­නය ආදි ශිෂ්‍ය සංග­ම­යට අයත් පරි­ග­ණ­කය උප­යෝගි කර ගනි­මින් සකස් කර­ගෙන තිබෙන බව අනා­ව­ර­ණය කර­ගෙන තිබේ. අදාළ පරි­ග­ණ­කය පොලිස් භාර­යට ගෙන රස පරී­ක්ෂක වෙත යොමු කිරී­මෙන් පසු ලබා­දුන් වාර්තාව අනුව මේ බව තහ­වු­රුව තිබෙන බව මහ­නු­වර පොලී­සියේ විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කය පව­සයි.

විදු­හලේ පළමු වස­රට 2022 වසරේ දී සිසු­වකු ඇතු­ළත් කිරී­මට මේ කූට ලේඛ­නය ඉදි­රි­පත් කර තිබිණි. අදාළ පාසලේ අධ්‍යා­ප­නය ලද වෘත්ති­යෙන් වෛද්‍ය­ව­ර­යකු වූ පුද්ග­ල­යකු හදි­සියේ මිය­ගොස් තිබෙන අතර දරුවා ඇතු­ළත් කිරී­මට ඔහුගේ නම භාවිත කර­මින් කූට ලේඛ­නය ඉදි­රි­පත් කර තිබුණේ වෙනත් පාස­ලක අධ්‍යා­ප­නය ලැබ තිබෙන ඔහුගේ සහෝ­ද­ර­යාය.

වෛද්‍ය­ව­ර­යාගේ දරුවා 2023 වසරේ දී ආදි සිසු පද­න­මින් අදාළ පාස­ලට ඇතු­ළත් කිරී­මට සිටි බැවින් ඔහුගේ බිරිය මේ සිදු­වීම සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි කර තිබිණි.

ඒ ඔස්සේ පරී­ක්ෂණ කළ පොලී­සිය ආදි ශිෂ්‍ය සංග­මයේ සාමා­ජි­ක­යන් කිහිප දෙනෙ­කු­ගෙන්ම ප්‍රකාශ සට­හන් කර­ගනු ලැබීය. විදු­හ­ල්ප­ති­ව­රයා ද මේ සම්බ­න්ධ­යෙන් පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කිරී­මෙන් පසු පළමු වස­රට ඇතු­ළත් කර සිටි දරුවා පාස­ලෙන් ඉවත් කර ගැනී­මට වෛද්‍ය­ව­ර­යාගේ සහෝ­ද­රයා කට­යුතු කර තිබිණි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් පසුව පොලී­සිය විසින් ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අතර, ඔහු මේ වන විට සිටින්නේ ඇප මත නිද­හ­ස්වය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ක්‍රියා­ත්මක වෙද්දී ආදි ශිෂ්‍ය සංග­මයේ ප්‍රබල සාමා­ජි­ක­යකු පොලී­සියේ ඉහළ නිල­ධා­රි­යකු සමඟ සමීප සම්බ­න්ධතා පව­ත්ව­මින් ඒ සම්බන්ධ පරී­ක්ෂණ කට­යුතු යට­පත් කරන්න කට­යුතු කළ බවට ද චෝදනා එල්ල විය.

පාස­ලට ළම­යින් ඇතු­ළත් කර ගැනී­මට සිටි සම්මුඛ පරී­ක්ෂණ මණ්ඩ­ල­යට ආදි ශිෂ්‍ය සංග­මයේ සාමා­ජි­ක­යකු ද අයත්ය. ආදි සිසු­වකු නොවන පුද්ග­ල­යකු ආදි සිසු­වකු ලෙස පෙනී සිටි­මින් දරුවා ඇතු­ළත් කිරී­මට උත්සාහ කිරීම එම සාමා­ජි­කයා නොදැන සිටියේ ඇයිද යන්න පොලී­සිය ප්‍රශ්න කර තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් මහ­නු­වර පොලී­සියේ විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක හේරත් මහතා ඇතුළු කණ්ඩා­ය­මක් පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT