ලෝක සිනමාවට විශිෂ්ට නිර්මාණකරුවන් රාශියක් බිහි කළ ඉන්දීය සිනමාව මේ වසරේදි 111 වැනි වසර සම්පූර්ණ කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සිනමාවේ පියා ලෙස සැලකෙන දාදාසහේබ් පල්කේ වසර 1913 මැයි මාසයේදී එරට පළමු චිත්‍රපටය ‘රාජා හරිස්චන්ද්‍ර‘ නිර්මාණය කළ අතර, එය ඉන්දියාවේ නිෂ්පාදිත පළමු චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්වී තිබේ. නිහඬ චිත්‍රපටයක් ලෙස තිරගත වූ ‘රාජා හරිස්චන්ද්‍ර‘ ඉංග්‍රීසි, මරාති, සහ හින්දි භාෂාවලින් උපසිරැසි ගන්වා තිබූ බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉන්දීය සිනමාවේ 111 වැනි සංවත්සරය නිමිත්තෙන් ඉන්දියාවේ පමණක් නොව බංග්ලාදේශයේද විශේෂ උත්සව රැසක් සංවිධාන කර ඇති අතර, එරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඩකා අගනුවරදී ඉන්දීය සිනමාවේ ඉතිහාසය පිළිබඳ ප්‍රදර්ශනයක් පැවැති බව වාර්තා වේ.
ගතවූ දීර්ඝ කාලපරිච්ඡේදය තුළ උතුරු ඉන්දියාවේ බොලිවුඩ්, දකුණු ඉන්දියාවේ කොලිවුඩ්, මලයාලි, කන්නඩ, බෙංගාලි, මරාති, පන්ජාබි තෙලිගු ලෙස භාෂාමය වශයෙන් විවිධ සිනමා කර්මාන්ත රැසක් ඉන්දියාවේ බිහිවී තිබේ.