Tuesday, March 25, 2025
Home » ඉති­යෝ­පි­යාවේ ආයුධ සන්නද්ධ කණ්ඩා­ය­මක් මගීහු 51ක් සමඟ බස් රථ­යක් පැහැර ගනී

ඉති­යෝ­පි­යාවේ ආයුධ සන්නද්ධ කණ්ඩා­ය­මක් මගීහු 51ක් සමඟ බස් රථ­යක් පැහැර ගනී

by Gayan Abeykoon
March 21, 2025 4:00 pm 0 comment

ඉති­යෝ­පි­යාවේ ඕමි­නියා ප්‍රාන්තයේ ආයුධ සන්නද්ධ කණ්ඩා­ය­මක් මගීහු 51 දෙනකු රැගත් බස් රථ­යක් පැහැ­ර­ගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අවි ගත් පුද්ග­ල­යන් මගී බස් රථ තුන­කට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි ද, ඉන් බස් රථ දෙකක් ප්‍රහා­රය මඟ හැර  පලා යෑමට සමත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. පැහැ­ර ­ගැ­නී­මට ලක්වී ඇත්තේ අම්හාරා ප්‍රාන්තය බලා ධාව­නය වූ බස් රථ­යක් බවත්, එහි සිටි මගීහු රහ­සි­ගත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවත් ඉති­යෝ­පි­යාවේ මාධ්‍ය වාර්තා උපුටා දක්ව­මින් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

බස් රථය පැහැ­ර ­ගැ­නීම සම්බ­න්ධව ඉති­යෝ­පි­යානු රජය මෙතෙක් නිවේ­ද­න­යක් නිකුත් කර නැති අතර, ප්‍රාදේ­ශීය මාධ්‍ය වාර්තා­ව­ලට අනුව ඕමි­නියා ප්‍රාන්තයේ ආර­ක්ෂක හමු­දාව බස් රථය සහ එහි සිටි පුද්ග­ල­යන් සොයා මෙහෙ­යු­මක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT