Home » මත්ද්‍රව්‍ය අප­රාධ චෝද­නා­ව­ලට ලක්වූ කැනේ­ඩි­යානු ජාති­ක­ 4කට චීන­යේදී මරණ දඬු­වම

මත්ද්‍රව්‍ය අප­රාධ චෝද­නා­ව­ලට ලක්වූ කැනේ­ඩි­යානු ජාති­ක­ 4කට චීන­යේදී මරණ දඬු­වම

by Gayan Abeykoon
March 21, 2025 4:07 pm 0 comment

මත්ද්‍රව්‍ය චෝද­නා­වට වර­ද­ක­රු­වන් වූ කැනේ­ඩි­යානු ජාති­ක­යන් සිවු­දෙ­නකු චීන­යේදී මරණ දඬු­ව­මට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මරණ දඬු­ව­මට ලක්වු  සිවුදෙ­නාම කැනේ­ඩි­යානු සහ චීන ද්විත්ව පුර­වැ­සි­යන් වන බව කැන­ඩාවේ විදේශ ඇමැ­තිනි මෙලනි ජොලී ප්‍රකාශ කළ බව  විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. මරණ දඬු­වම නිය­මවූ පුද්ග­ල­යන්ට සමාව ප්‍රදා­නය කරන ලෙස කැනේ­ඩි­යානු රජය නිල වශ­යෙන් අඛ­ණ්ඩව කරනු ලැබූ ඉල්ලීම් චින රජය ප්‍රති­ක්ෂේප කළ බව ද මෙලනි ජොලි සඳ­හන් කර තිබේ.

ද්විත්ව පුර­වැ­සි­භා­වය පිළි නොගන්නා චීනයේ මත්ද්‍රව්‍ය අප­රා­ධ­ක­රු­වන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක වන අතර, පව­තින නීති­රා­මුව තුළ වර­ද­ක­රු­වන්ට මරණ දඬු­වම හිමි වූ බව කැන­ඩාවේ චීන තානා­පති කාර්යා­ලයේ ප්‍රකා­ශ­ක­යකු සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT