මත්ද්‍රව්‍ය චෝදනාවට වරදකරුවන් වූ කැනේඩියානු ජාතිකයන් සිවුදෙනකු චීනයේදී මරණ දඬුවමට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මරණ දඬුවමට ලක්වු සිවුදෙනාම කැනේඩියානු සහ චීන ද්විත්ව පුරවැසියන් වන බව කැනඩාවේ විදේශ ඇමැතිනි මෙලනි ජොලී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මරණ දඬුවම නියමවූ පුද්ගලයන්ට සමාව ප්රදානය කරන ලෙස කැනේඩියානු රජය නිල වශයෙන් අඛණ්ඩව කරනු ලැබූ ඉල්ලීම් චින රජය ප්‍රතික්ෂේප කළ බව ද මෙලනි ජොලි සඳහන් කර තිබේ.
ද්විත්ව පුරවැසිභාවය පිළි නොගන්නා චීනයේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක වන අතර, පවතින නීතිරාමුව තුළ වරදකරුවන්ට මරණ දඬුවම හිමි වූ බව කැනඩාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇතැයි වාර්තා වේ.