Home » හවුති කැර­ලි­ක­රු­ව­න්ගෙන් ඊශ්‍රා­ය­ල­යට මිස­යිල ප්‍රහා­ර­යක්

හවුති කැර­ලි­ක­රු­ව­න්ගෙන් ඊශ්‍රා­ය­ල­යට මිස­යිල ප්‍රහා­ර­යක්

by Gayan Abeykoon
March 21, 2025 4:04 pm 0 comment

ගාසා තීරයේ ගුවන් ප්‍රහාර මඟින් 500කට අධික සිවිල් වැසි­යන් ඝාත­නය කළ බවට චෝදනා කර­මින් යේම­නයේ හවුති කැර­ලි­ක­රු­වන් ඊශ්‍රා­ය­ල­යට මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඊශ්‍රා­ය­ලයේ බෙන් ගුරි­යන් ගුව­න්තො­ටු­පොළ පිහිටි ජෆා කලා­ප­යට හයි­පර් සොනික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කළ බව නිවේ­ද­නයක් නිකුත් කර­මින් හවුති කැර­ලි­ක­රු­වන් ප්‍රකාශ කර තිබේ.

එම මිස­යිල සාර්ථ­කව ඉලක්ක කරා පතිත වූ බව එම නිවේ­ද­නයේ සඳ­හන් වුවද, හවුති කැර­ලි­ක­රු­වන්ගේ මිස­යිල ගුව­නේ­දීම විනාශ කළ බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මිස­යිල ප්‍රහාර එල්ල­වී­මත් සමඟ ටෙල් අවීව් සහ ජෙරු­ස­ලම් නග­ර­වල සයි­රන් හඬ පැතිරි ගිය බව ඊශ්‍රා­යල පොලී­සිය සඳ­හන් කර ඇති අතර, කිසිදු පුද්ග­ල­යකු බර­ප­තළ තුවාල නොලැබූ බව එරට ගිලන් රථ සේවය තහ­වුරු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT