ධවල මන්දිරයේදී ඇති වූ වාග් සංග්රාමයෙන් පසු පළමුවරට අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා අතර දුරකතන සංවාදයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර දුරකතන සංවාදය පැයක පමණ කාලයක් පැවැති බවත්, අර්ධ සටන් විරාමයක් සඳහා යුක්රේන ජනපතිවරයා එකඟතාව පළ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. රාජ්‍ය නායකයන් දෙදෙනාගේ දුරකතන සංවාදය මැද රුසියාව සහ යුක්රේනය අතර ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හුවමාරුව අඛණ්ඩව සිදුවූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන සාකච්ඡාවේදී යුක්රේනයේ බලාගාර සහ සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල නොකිරීමට රුසියානු ජනාධිපතිවරයා එකඟතාව පළ කළද, වැඩි ආරක්ෂාව සඳහා එම බලාගාරවල හිමිකාරීත්වය අමෙරිකාවට පවරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි ද වාර්තා වේ.
යුක්රේනයට මිසයිල නාශක පද්ධති වැඩි ප්‍රමාණයක් සපයන ලෙසත්, රුසියානු හමුදාව පැහැරගත් බව කියන යුක්රේන දරුවන් සොයා ගැනීමට සහාය වන ලෙසත් එම සාකච්ඡාවෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා රටවලින් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.