Home » නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

by Gayan Abeykoon
March 21, 2025 4:12 pm 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් දකුණු ආසියානු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI බලයෙන් ක්‍රියාත්මක ප්‍රථම MRI යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මාර්තු 18 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම අති නවීන පද්ධතිය තුළින් සෞඛ්‍ය නවෝත්පාදනය හා උසස් රෝගී සත්කාරක පුරෝගාමියකු ලෙස සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට නවලෝක හොස්පිටල්ස් සමත් විය.

අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක සුවිශේෂී ආයෝජනයක් යටතේ සිදු කළ මෙම නවතම හඳුන්වා දීම තුළින් රෝග විනිශ්චය කිරීමේ නිවැරදි බව ඉහළ නංවන හා උසස් සෞඛ්‍ය සේවාවන් සපයන ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය තාක්ෂණයන් අනුගමනය කිරීම සඳහා වන නවලෝක හොස්පිටල්ස්හි කැපවීම මනාව පිළිබිඹු වේ. AI බලයෙන් ක්‍රියාත්මක මෙම MRI පද්ධතිය හේතුවෙන් ඉක්මනින් රෝග හඳුනාගැනීමේ හා රෝග විනිශ්චය වේගවත් කිරීමේ මෙන්ම පැහැදිලි රූප ලබා දීමේ හැකියාව සහිත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විකිරණවේද සේවාවන් පවත්වාගෙන යාමට නවලෝක හොස්පිටල්ස් සමත්වනු ඇත.

AI තාක්ෂණය සමඟින් රෝග විනිශ්චයේ විපලවීය වෙනසක් AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑන් යන්ත්‍රය රූපයේ පැහැදිලි බව, වේගය සහ රෝග විනිශ්චයේ නිවැරදි බව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ලබන්නේ ඇල්ගොරිදම ඒකාබද්ධ කරමිනි. පුළුල් පරාසයක විහිදුණු සුවිශේෂී වෛද්‍ය තත්ත්වයන් හරහා රෝගී තත්ත්වයන් කලින් හඳුනාගැනීමට සහ නිවැරදි රෝග නිර්ණය කිරීමට මේ තුළින් හැකියාව ඇත. එය රෝගීන්ගේ ප්‍රතිකාරවල වඩාත් ඉහළ ප්‍රතිඵල ලබා දීමට අවස්ථාවක් උදා කරයි. මෙම උසස් තාක්ෂණය හේතුවෙන්, මොළයේ ගෙඩි, ආඝාතය, අපස්මාරය සහ විවිධ පටක ඝනවීම (multiple sclerosis) වැනි ස්නායු රෝග තත්ත්වයන් හර්නියා සහ කොඳු ඇට පෙළේ පිළිකා ඇතුළු කොඳු ඇට පෙළේ ආබාධ සන්ධි ආබාධ (ligament tears) සහ ආතරයිටිස් වැනි පේශි ආශ්‍රිත තුවාල (Musculoskeletal injuries) සංජානනීය හෘද දෝෂ සහ සනාල අසාමාන්‍යතා ඇතුළු හෘද වාහිනී රෝග අක්මා රෝග සහ නාරිවේද රෝග වැනි උදර හා ශ්‍රෝණි ආශ්‍රිත ගැටලු පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇතුළු පිළිකා කල්තියා හඳුනාගැනීම ළමා රෝග හඳුනාගැනීම, අවම අපහසුතා සහිතව ආරක්ෂිත, වේගවත් ස්කෑන් කිරීම පහසුවෙන් සිදු කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නවලෝක හොස්පිටල්ස්හි සභාපති දේශමාන්‍ය ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සඳහන් කර සිටියේ “රෝග විනිශ්චය විශිෂ්ටත්වය නැවත අර්ථකතනය කිරීමේ නිර්භීත පියවරක් නියෝජනය කරන අපගේ නවතම AI බලයෙන් ක්‍රියාත්මක MRI පද්ධතිය නිවැරදි රෝග විනිශ්චය හා ජාත්‍යන්තර තත්ත්වයේ රෝගී සත්කාර සැපයීමේ අපගේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරනවා” යනුවෙනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT