Home » ‘Retail Technology Trends 2025’ උත්කර්ෂවත්ව පවත්වයි

‘Retail Technology Trends 2025’ උත්කර්ෂවත්ව පවත්වයි

by Gayan Abeykoon
March 21, 2025 4:14 pm 0 comment

මෙරට ව්‍යාපාරික ක‍්ෂේත්‍රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පෞද්ගලික) සමාගම, වෝටර්ස් එජ් හි පැවති ‘Retail Technology Trends 2025’ සඳහා සත්කාරකත්වය දරමින් සිය වෙළඳපොළ නායකත්වය යළිත් වරක් සනිටුහන් කළේය. එම උත්සවය සඳහා හෝටල් හා අවන්හල් ක‍්ෂේත්‍රයේ මෙන්ම ඇඳුම් වෙ‍ෙළඳ සැල්, සුපිරි වෙළඳ සැල් සහ පොත් සාප්පු ඇතුළු ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තිකයින් 150කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර, වෙ‍ෙළඳපොළ පරිවර්තනය උදෙසා සකසා ඇති අලුත්ම නවෝත්පාදනයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ද අවස්ථාව සැලසිණි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන නවතම උපාංගයන්, පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සහ උපායමාර්ගික සහයෝගීතාවන් සම්බන්ධයෙන් ද එහිදී පැමිණ සිටි පිරිසට වටිනා දැනුමක් හිමි විය.

මෙම උත්සවයේ දී කැපී පෙනෙන අවස්ථාවක් වූයේ ලොව ප්‍රමුඛතම අලෙවිකරණ උපාංග නිෂ්පාදකයා (Point of Sales) වන Posiflex සමඟ Retail IT හි දිගුකාලීන සහයෝගීතාවය සැමරීමයි. වසර 15කට වැඩි කාලයක් පුරාවට පැවති එම සහයෝගීතාවය ඔස්සේ මෙරට වෙ‍ෙළඳපොළ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා නිර්මාණය කර තිබෙන ඉහළම කාර්යසාධනයන් සහිත POS උපාංග සැපයීමට ඔවුන්ට හැකි වී තිබේ. Posiflex හි විශ්වසනීයත්වයත් සහ Retail IT හි සුවිශේෂි සේවාවත් සමඟින්, ඔවුන්ගේ POS උපාංග සියලු පරිමාණයේ ව්‍යාපාර සඳහා හොඳම තේරීම බවට පත්ව ඇති අතර, ඒවා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමිතිය උදෙසා බෙහෙවින් ඉවහල් වී තිබේ.

මෙම සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳ අදහස් දැක්වූ Retail ITහි ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සැවියෝ ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. “අද සිටින වෙළෙඳුන් හට තාක්ෂණයට එහා ගිය යමක් අවශ්‍ය වන නිසා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරමින් සාර්ථකත්වයට ළඟා වීමට විධිමත් විසඳුම් ලබා දිය යුතු වෙනවා. Retail IT හි අප තාක්ෂණික සැපයීමකින් ඔබ්බට ගොස්, ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි සාර්ථක විසඳුම් සමඟින් ව්‍යාපාර සවිබල ගැන්වීමට කටයුතු කරමින් සිටිනවා. අප මෙතෙක් පැමිණි ගමන් මඟ තුළදී Posiflex, වටිනා හවුල්කරුවෙකු වශයෙන් අප සමඟ ගනුදෙනු කළ අතර, අනාගතයේ දී මෙම සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.’’

මෙහිදී ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඇති තාක්ෂණික බලපෑම ඉස්මතු කරමින් අදාළ කර්මාන්තයන්හි ප්‍රවීණයින් විසින් ස්වකීය දැනුම හුවමාරු කර ගැනීමේ සැසිවාරයන් පවත්වනු ලැබූ අතර, Retail IT හි ප්‍රධාන විධායක නිලධාරී චන්දිම වික්‍රමතුංග, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි ජ්‍යෙෂ්ඨ උපසභාපති සහ සමූහ තොරතුරු තාක්ෂණ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක උමගිලිය, Retail Consultancy Services හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් පෙරේරා සහ WebXPay හි විධායක සභාපති තිලක් පියදිගම යන මහත්වරුන් එම සැසිවාරයන්හි ප්‍රධාන කථිකයෝ වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT