වනාන්තර සහ පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම නිලධාරින්ගේ මෙන්ම ජනතාවගේ ද වගකීමක් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
වනාන්තරවලින් ජනතාවට ද ප්‍රතිලාභ හිමිවිය යුතු අතර ඒ තුළින් ජනතාව සහ පරිසර පද්ධතින් අතර සහයෝගීතාවය ගොඩනැගෙන බව ඇමතිවරයා කියා සිටියේය.
2025 ජාත්‍යන්තරය වනාන්තර දිනය සැමරීමට අද(21) එක්වෙමින් පරිසර අමාත්‍යවරයා පැවසුවේ වර්තමාන රජය පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉහළ අවධානයක් යොමු කර ඇති බවයි.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ද සැමරුම් උත්සවයේ දී අදහස් පලකළේය.
පරිසරය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගන්නේ නම් ලොව පුරා පවතින ආහාර අර්බුදයට නිසි විසඳුම් ලබා ගත හැකි බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.
2025 ජාත්‍යන්තරය වනාන්තර දිනය සැමරීම කළුතර දිස්ත්‍රික්කයේ වටරැක, බරාව ප්‍රදේශයේ දී අද පෙරවරුවේදි ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත් වුණි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැති අතර පරිසර අමාත්‍යංශයේ ලේකම් රෝහිත උඩුවාවල සහ වන සංරක්ෂණ ජෙනරාල් නිශාන්ත එදිරිසිංහ යන මහත්වරුන්ද ඊට එක් විය.
එහිදී රුක් රෝපණ වැඩසටහනක් සහ ජනතාව දැනුවත් කිරීමක්ද සිදු කෙරුණු අතර පාසල් දරුවන්ට සහතික පත්‍ර ප්‍රදානයක්ද අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ගේ අතින් සිදු කෙරුණි. එහිදි දරුවන් ඉගෙනුම ලබන පාසල් සදහාද පුස්තකාල පොත් පිරිනැමිමක්ද සිදු විය.
ප්‍රදානය සැමරුම උත්සවයට සමගාමීව දිවයින පුරා සියලු දිස්ත්‍රික්කවල රුක් රෝපණ සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ක්‍රියාත්මක කරනු ලැබීය.
2025 සඳහා ජාත්‍යන්තරය වනාන්තර දින තේමාව වන්නේ “වනාන්තර සහ ආහාර” වන අතර ආහාර සුරක්ෂිතතාවය, පෝෂණය, ජීවනෝපාය සඳහා වනාන්තරවලින් සිදුවන තීරණාත්මක භූමිකාව සැමරීම තේමාවේ අරමුණයි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහමණ්ඩලය විසින් 2012 වසරේ මාර්තු 21වැනිදා ජගත් වනාන්තර දිනය ප්‍රකාශයට පත්කළේය.