115
ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබේ.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ විහාරයේ පරිපාලනය සම්බන්ධව 1949 වසරේදී සකස් කළ නීති වෙනස් කළ යුතු බවයි.
එම නීතිය යටතේ නව දෙනෙකුගෙන් යුතු මහා බෝධි විහාර පරිපාලනයේ වැඩි බලයක් හින්දූන්ට හිමිවීම පිරිසගේ විරෝධයට ලක්ව තිබේ.
මෙම විරෝධතා මේ වනවිට බිහාර්, රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, කර්ණාටක, තෙලඟානා සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දක්වා ද ව්‍යාප්ත වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ.