Tuesday, March 25, 2025
Home » අමෙරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දමයි

අමෙරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දමයි

by chanaka
March 21, 2025 9:39 am 0 comment

අමෙරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමේ විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබේ.

අමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් කළේ ධවල මන්දිරයේදී, පාසල් දරු දැරියන් පිරිසක් ද පිරිවරා ගනිමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුයි යන්න කොන්සවර්ටිව් මතධාරීන්ගේ දිගු කාලීන සිහිනයක්ව තිබූ බවත් තමන් යළි බලයට පත්වුවහොත් වහාම එසේ කරන බවට ට්‍රම්ප් මැතිවරණ පොරොන්දුවක් ද දී තිබුණි.

‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ ද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනව්‍ය වියදම් ගැන ට්‍රම්ප් දැනුවත් කර ඇති අතර එය ද අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසා දැමීමට එක් හේතුවක් බව සඳහන්වේ.

ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් කර ඇත්තේ අමෙරිකානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව අමෙරිකන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිම අවස්ථාවක ක්‍රියා කර නොමැති බවත්,එම දෙපාර්තමේන්තුව අමෙරිකන් වැසියන්ගේ බදු මුදල් කොල්ල කෑ බවටත් චෝදනා නගමිනි. එමෙන්ම ඇමෙරිකාවේ අධ්‍යාපනය, යුරෝපයේත් චීනයේත් අධ්‍යාපනයට වඩා පසුගාමී බවත් අමෙරිකාවේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට තමන් පියවර ගන්නා බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT