Tuesday, March 25, 2025
Home » දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි

දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි

by chanaka
March 21, 2025 9:26 am 0 comment

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ඊයේ ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ අතර, දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ(20) සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT