ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හපුගල මවුන්ට් කැල්වරි උසස් පාසල සමත් විය. පළමු වටයේ තම කාණ්ඩයේ සියලු තරග ජය ගනිමින් තම කාණ්ඩයේ ශූරයන් වූ හපුගල මවුන්ට් කැල්වරි උසස් පාසල දෙවැනි වටයේ සිට ගාල්ල මහින්ද විදුහල් (බී), කොළඹ තර්ස්ටන් විදුහල් (සී), ලබුදුව සිරිධම්ම විදුහල, දික්කුඹුර සිද්ධාර්ථ මහා විදුහල පරාජය කරමින් අවසන් කණ්ඩායම් 16 අතරට එක් විය.
අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේදී කළුතර ඥානෝදය මහා විදුහල පරාජය කළ මවුන්ට් කැල්වරි පිල අර්ධ අවසන් පූර්ව වටයේදී යාපනය මධ්‍ය මහා විදුහල පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මීට වසර කිහිපයකට පෙර හපුගල මවුන්ට් කැල්වරි උසස් පාසල විදුහල්පති බර්නාඩ් ජයසිංහ පියතුමාගේ මඟ පෙන්වීම යටතේ පාසල් ක්‍රිකට් ආරම්භ කළ අතර, කසුන් හර්ෂණ මහතා ක්‍රිකට් භාර ආචාර්ය ලෙසත්, කුසල් ප්‍රබෝධ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසත්, භාතිය කලංසූරිය මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කරති.