Home » සාන්ත ආනා-මලි­ය­දේව ඇතු­ග­ල්පුර සට­නට සූදා­නම්

සාන්ත ආනා-මලි­ය­දේව ඇතු­ග­ල්පුර සට­නට සූදා­නම්

by Gayan Abeykoon
March 20, 2025 4:10 pm 0 comment

කුරු­ණෑ­ගල අති­රේක පුෂ්ප­කු­මාර ජය­රත්න

කුරු­ණෑ­ගල සාන්ත ආනා සහ මලි­ය­දේව විදු­හල් අතර 41 වැනි ‘ඇතු­ගල් පුර මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තර­ගය මේ මස 28 සහ 29 දෙදින කුරු­ණෑ­ගල වෙළ­ගෙ­දර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. එම තර­ග­යට සම­ගා­මීව දෙපිල අතර එක්දින තර­ගය මේ 31 වැනිදා එම ක්‍රීඩාං­ග­ණ­යේ­දීම පැවැ­ත්වී­මට නිය­මි­තය. මෙවර තර­ග­යේදී සාන්ත ආනා කණ්ඩා­යමේ නාය­ක­ත්වය බුද්ධිම නන්ද­සිරි දරන අතර, මලි­ය­දේව කණ්ඩා­යමේ නාය­ක­ත්වය චන්දූප අබේ­සිං­හට හිමිව තිබේ.

තර­ගා­ව­ලිය පිළි­බඳ මාධ්‍ය හමු­වක් පසු­ගි­යදා දෙවි­දු­හල්හි විදු­හ­ල්ප­ති­ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති අතර, එහිදී අනු­ග්‍රා­හ­ක­ත්වය පිරි­නැ­මීම, තරග ද්විත්වය සඳහා විශේ­ෂ­යෙන් පිළි­යෙල කරන ලද ඇඳුම් එළි­දැ­ක්වීම හා ඒවා දෙපි­ලේම ක්‍රීඩ­ක­යන් වෙත බෙදා­දී­මද සිදු­විය.

මෙවර දෙදින තර­ගය සඳහා ඩය­ලොග් ආසි­යාටා සමා­ගම පූර්ණ දාය­ක­ත්වය ලබා­දෙන අතර, එක්දින තර­ගා­ව­ලි­යට දම්රෝ අනු­ග්‍රා­හ­ක­ත්වය දක්වයි.

මේ මාධ්‍ය හමු­වට සාන්ත ආනා විදු­හ­ල්පති චන්දන හපු­ආ­රච්චි පිය­තුමා, මලි­ය­දේව විදු­හ­ල්පති ඩබ්ලිව්.එම්.සී.කේ. මහ­මි­තව, ඩය­ලොග් ආය­ත­නය වෙනු­වෙන් ප්‍රාදේ­ශීය කළ­ම­නා­කරු බුද්ධික පෙරේරා, දම්රෝ ආය­ත­නය වෙනු­වෙන් සාමා­න්‍යා­ධි­කාරී (තොග වෙළ­ඳාම්) චතුර තෙන්න­කෝන්, සාන්ත ආනා ආදි ශිෂ්‍ය සංග­මයේ සභා­පති අසංක ජය­සිංහ සහ මලි­ය­දේව ආදි ශිෂ්‍ය සංග­මයේ සභා­පති සමන් ජය­සිංහ මහ­ත්වරු මේ මාධ්‍ය හමු­වට එක්වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT