ක්‍රිකට් තරග බිමේ දස්කම් දැක්වූ ආසියානු කණ්ඩායම්වල ප්‍රබල ක්රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවති ආසියානු ලෙජන්ඩ්ස් ලීග් (Asian Legends League 2025 / ALL T20) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඩිල්ෂාන් මුණවීර ක්‍රීඩා කළ ඒෂියන් ස්ටාර්ස් කණ්ඩායම සමත් විය.
උදයපූර්හිදී පැවති තරගාවලියේ අවසන් තරගයේදී ඒෂියන් පිල හමුවේ සත්කාරක ඉන්දියන් රෝයල්ස් පිල කඩුලු 6කින් පරාජයට පත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියන් පිල ලකුණු 148කට සීමා කළ ඒෂියන් ක්රීඩකයෝ ඕවර 19.1කදී ජයග්රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී තිබියදීය.
රිෂි ධවාන් පන්දු 57කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟ වේගවත් ලකුණු 83ක් රැස් කරමින් ඒෂියන් පිල ජය මාවතට රැගෙන ගිය අතර, රාඝව් ධවාන් නොදැවී ලකුණු 37ක් ඉනිමට එක් කළේය. ඩිල්ෂාන් මුණවීරට රැස් කළ හැකි වූයේ ලකුණු 2ක් පමණි.
සංජේ සිං ලකුණු 57ක් රැස් කරමින් ඉන්දියන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට නොහැකි වූහ. පන්දු යැවීමේදී ඊෂ්වර් පාණ්ඩ්‍යා කඩුලු 3ක්, රිෂි ධවාන් සහ ඩිල්ෂාන් මුණවීර කඩුලු 2 බැගින් දවා ගත්හ.