Home » කාන්තා ක්‍රීඩා­ව­ලින් ලෝක ආදා­යම ඇ. ඩොලර් බිලි­යන 2.3ක් ඉක්ම­වයි

කාන්තා ක්‍රීඩා­ව­ලින් ලෝක ආදා­යම ඇ. ඩොලර් බිලි­යන 2.3ක් ඉක්ම­වයි

by Gayan Abeykoon
March 20, 2025 4:14 pm 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර

ලොව පුරා කාන්තා­වන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වෙන ක්‍රීඩා­වල 2025දී ගෝලීය ආදා­යම අවම වශ­යෙන් ඩොලර් බිලි­යන 2.3ක් ඉක්ම­වනු ඇතැයි විග­ණ­නය, මූල්‍ය උප­දේ­ශ­නය සහ බදු සේවා වෙනු­වෙන්ම ක්‍රියා­ත්මක ඩෙලො­යිට් සමා­ගම පුරෝ­ක­ථ­නය කරයි.

මේ ආදා­යම 2024දී ඩොලර් බිලි­යන 1.88ක් වූ අතර, එම ගෝලීය ආදා­ය­මෙන් 56%ක් උතුරු අමෙ­රි­කා­වෙන් ලැබුණු බැවින් උතුරු අමෙ­රි­කාව කාන්තා ක්‍රීඩා­වල ගෝලීය වර්ධ­නයේ පෙර­මුණ ගෙන සිටින බවට හඳු­නා­ගෙන ඇත. එය යුරෝ­පය, ආසියා පැසි­ෆික් සහ අනෙ­කුත් වෙළෙ­ඳ­පො­ළ­වල් වෙතද වේග­යෙන් ප්‍රසා­ර­ණය වෙමින් පවතී.

බිලි­යන ගණ­නක ඩොලර් වටි­නා­ක­මක් ඇති ලොව පුරා වේග­යෙන් වර්ධ­නය වන කාන්තා ක්‍රීඩා­ව­ලින් ගෝලීය ආදා­යම 2023දී ඩොලර් මිලි­යන 981 සිට 2024 දී ඩොලර් බිලි­යන 1.88 දක්වා දෙගු­ණ­ය­කට ආස­න්නව වැඩි වූ හෙයින් 2025දී ඩොලර් බිලි­යන 2.35ක් පුරෝ­ක­ථ­නය කිරීම සාධා­රණ වේ‍. අනු­ග්‍රා­හ­කත්ව, හවු­ල්කා­රිත්ව, වෙළෙඳ භාණ්ඩ අලෙ­විය සහ පූර්ව-කාලීන සංචාර ආදා­යම් මේ ආදා­ය­ම්ව­ලට ඇතු­ළත් වේ.

පාපන්දු සහ පැසි­ප­න්දු­ව­ලින් ඔබ්බට, නව ක්‍රීඩා ආක­ර්ෂ­ණය වෙමින් පව­තින අතර ක්‍රිකට්, රග්බි සහ වොලි­බෝල් යන ක්‍රීඩා­ව­ලින්ද ආයෝ­ජන ආක­ර්ෂ­ණය කර ගනි­මින් සිටිති. 2025දී ලොව පුරා කාන්තා ක්‍රීඩා­වල ඉහ­ළම ආදා­යම් පැසි­පන්දු සහ පාපන්දු තර­ග­ව­ලින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, පැසි­පන්දු ක්‍රීඩා­වෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 1.03 (44%)ක ආදා­ය­මක් අපේක්ෂා කරන අතර, කාන්තා පාප­න්දු­වෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 820 (35%)ක ආදා­ය­මක් උප­යනු ඇතැයි පුරෝ­ක­ථ­නය කර ඇත.

එක්සත් රාජ­ධා­නියේ පැවැ­ත්වෙන 2025 රග්බි කාන්තා ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ දැන­ට­මත් ටික­ට්පත් අලෙ­වි­යෙන් වාර්තා පිහි­ටුවා ඇති අතර, 2027 ෆිෆා කාන්තා ලෝක කුස­ලා­නය පළමු වරට බ්‍රසී­ලයේ පැවැ­ත්වෙන හෙයින් එය අනා­ගත පාපන්දු වෙළෙ­ඳ­පො­ළ­කට නව වාණිජ අවස්ථා හඳුන්වා දෙනු ඇතැයි පැවසේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT