Home » බලා­පො­රොත්තු රැසක් පොදි බැඳ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකා පිල චීන­යට යයි

බලා­පො­රොත්තු රැසක් පොදි බැඳ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකා පිල චීන­යට යයි

by Gayan Abeykoon
March 20, 2025 4:15 pm 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර
ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භා­ගි­වීම උදෙසා චීනයේ නැංජින් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩා­යම ලේකම් සමන් කුමාර ගුණ­ව­ර්ධන මහතා සමඟ.

මේ වසරේ ජපා­නයේ ටෝකියෝ නුවර පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගැනීමේ බලා‍පො­රොත්තු ඇතිව ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භා­ගි­වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩා­යම චීනයේ නැංජින් බලා ඊයේ පිටත්ව ගියේය.

දොළොස් දෙන­කු­ගෙන් යුත් ශ්‍රී ලංකා පිලට මීටර් 60 ධාවන ඉසව්ව සඳහා චමෝද් යෝධ­සිංහ, මීටර් 60 කඩුලු මතින් දිවීමේ ධාවන ඉස­ව්වට කවීෂ බණ්ඩාර හා මීටර් 400 ධාවන ඉස­ව්වට කාලිංග කුමා­රගේ, මීටර් 400 සහාය දිවීමේ කණ්ඩා­යමේ ඉසුරු ලක්ෂාන්, දිනුජ රන්දිම මධු­ෂාන්, සදෙව් විමංස, ඔමෙල් ශෂින්ත, මීටර් 400 සහාය දිවීමේ කාන්තා පිලේ නදීෂා රාම­නා­යක, සයුමි ලක්ෂිමා, හර්ෂණී ප්‍රනාන්දු, ජයේෂි උත්තරා හා ෂෙනරි වි‍ජේතුංග යන ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ ඊයේ පිටත්ව ගියහ. මේ කණ්ඩා­යමේ පුහු­ණු­කරු ලෙස සංජීව වීර­ක්කොඩි මහතා එක් විය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංග­මයේ ලේකම් සමන් කුමාර ගුණ­ව­ර්ධන මහතා පැව­සුවේ මේ තර­ගා­ව­ලිය ශ්‍රී ලංකා­වට ඉතා වැද­ගත් එකක් බවය. මේ ශූර­තා­ව­ලි­යෙන් ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණි­ගත කිරීමේ ලකුණු විශාල ප්‍රමා­ණ­යක් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට ලැබෙන බවත්, එය ලෝක මලල ක්‍රිඩා ශූර­තා­ව­ලි­යට වැද­ග­ත්වනු ඇති බවත් ඒ මහතා පැව­සීය.

2001 වසරේ පෘතු­ගා­ලයේ පැවති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට පසු මෙර­ටින් සහ­භාගී වන වැඩිම ක්‍රීඩක පිරිස මෙය­වීම විශේ­ෂ­ත්ව­යකි.

මීටර් 400 සහාය දිවීමේ පිරිමි කණ්ඩා­යම මේ ශූර­තා­ව­ලි­යේදී කෙළින්ම අව­සන් මහා තර­ග­යට පිවි­සෙන අතර, චීනය, ජැමෙ­යි­කාව, අමෙ­රි­කාව, නයි­ජී­රි­යාව හා හංගේ­රි­යාව සමඟ තරග වදියි. මීටර් 400 සහාය දිවීමේ කාන්තා කණ්ඩා­ය­මට චීනය, ඉන්දි­යාව, අමෙ­රි­කාව, පෝල­න්තය හා ඔස්ට්‍රේ­ලි­යාව සමඟ අව­සන් තර­ග­යේදී හමුවේ. මේ ශූර­තා­ව­ලිය හෙට (21) සිට 23 වැනිදා දක්වා නැංජින් ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT