Home » දෙහි­වල කුඩු වික්ක කතක් බඩුත් එක්ක මාට්ටු

දෙහි­වල කුඩු වික්ක කතක් බඩුත් එක්ක මාට්ටු

by Gayan Abeykoon
March 20, 2025 4:00 pm 0 comment

දෙහි­වල සමූහ - ඩී.පී. හේරත්

දෙහි­වල පොලිස් කොට්ඨා­සය තුළ මහා පරි­මා­ණ­යෙන් හෙරො­යින් ජාවා­රමේ නියුතු කාන්තා­වක් ගැනු­ම්ක­රු­වකු පැමි­ණෙ­න­තුරු හෙරො­යින් මිලි­ග්‍රෑම් 10360ක් සන්ත­කයේ තබා­ගෙන සිටි­යදී දෙහි­වල පොලී­සියේ දූෂණ මර්දන ඒක­කය මඟින් දෙහි­වල දුම්රි­ය­පොළ පිටු­පස වෙරළ තීර­යේදී පෙරේදා (18) අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලී­සිය පැව­සීය.

සැක­කා­රිය දෙහි­වල දුම්රි­ය­පොළ පිටු­පස වෙරළ තීරයේ පදිං­චිව සිටින වයස අවු­රුදු (26)ක කාන්තා­වක් වන අතර, තොග වශ­යෙන් රැගෙන එනු ලබන හෙරො­යින් නිවෙසේ සිට පැක­ට්කර දෙහි­වල, ගල්කිස්ස, පිළි­ය­න්දල, මොර­ටුව, බොර­ලැ­ස්ග­මුව, වැල්ල­වත්ත, කොහු­වල යන ප්‍රදේ­ශ­ව­ලට දීර්ඝ­කා­ලී­නව බෙදා­හැර ඇති බවට අනා­ව­ර­ණය වී ඇතැ­යිද පොලී­සිය පැව­සීය.

දූෂණ මර්දන ඒක­කයේ අභි­නව ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක බිනර රණ­සිංහ මහතා රාජ­කාරි භාර­ගත් දෙවැනි දින­යේ­දීම පෞද්ග­ලික ඔත්තු­ක­රු­ව­කු­ගෙන් ලද තොර­තු­ර­කට අනුව මෙම වැට­ලීම සිදු­කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT