කේරළ ගංජා කිලෝග්රෑම් 18යි මිලිග්රෑම් 700ක් සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම හා මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හතකට වරදකරු වූ පුද්ගලයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා විසින් රුපියල් 286000ක දඩ මුදලක් ඉකුත් දින නියම කළේය.
2019 වසරේ දී වැලිවේරිය, පින්කුවත්තේදී මෙම චුදිතව එම ගංජා සමඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ වැලිවේරිය පොලීසිය විසිනි. එහිදී මහේස්ත්රාත් නඩු විභාගයකින් අනතුරුව ඔහුව මහාධිකරණයට යොමු කර තිබූ අතර නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අධි චෝදනා ගොනුකොට තිබිණ. එම චුදිත බියගම හෙයියන්තුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
රජයේ අධි නීතිඥ ප්‍රභාත් දිසානායක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර වැලිවේරිය පොලීසියේ කොස්තාපල් ශ්‍රීනාත් (24 900), මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.