64
‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් කිරිබත්ගොඩ ශරීර සුවතා මංතීරුව පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් පසුගියදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ශ්‍රමදානයට කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය, කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.