44
මාතලේ දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන 13 සඳහා පෙරේදා (18) ප.ව. 4.00 වන විට පිළිගත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 84ක් හා ස්වාධීන කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
ජතික ජන බලවේගය, සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සර්ව ජනබලය, ලංකා කම්කරු කොංග්රසය, ජන අරගල සන්ධානය ඇතුළු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මෙසේ ඇප තැන්පත් කොට ඇතැයි මාතලේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනි තේජානි තිලකරත්න මහත්මිය පැවසීය.